අයේ වරද්දගෙන, ජවිපේ දේශපාන මොඩෙල් එක වෙන්නේ පීඩත පන්තියේ නිර්ධන පන්තියේ ගැලවුම් කාරයා විදියට, එතකොට ඒ ජනතාවට දැනෙන්න ඕනේ අපේ මිනිහෙක් කියන එක. අපේ දුක හදුනන අපේ මිනිහෙක් කියන එක. දැන් හිතපන් කැම්පස් එකක් අලුතෙන් ළමයි අවාම ඇයි ඉංග්රිසියෙන් කතා කරන්න එපා කියලා කාටත් කියන්නේ, එතකොට අර බැරි ළමයින්ගේ හිත රිදෙනවා. තවත් පීඩනයකට ලක් වෙනවා.
අනෙක දේශපාලනය කරන්නේ මොකට ද, බලය ලබා ගන්න, ඒකේදි මිනිස්සුයි, සල්ලියි දෙකම ඕන වෙනවා. නිර්ධන පන්තිය නියෝජනය කිරිම දේශපාලන මොඩල් එක විදියට තෝර ගත්තම අවුල තමයි ධනපති පන්තියේ වගේ සල්ලි හම්බෙන්නේ නැහැ. එතකොට ක්රමයක් හොයා ගන්න වෙනවා දේශපාලනය කරන්න වගේම, පක්ෂයක් විදියට පැවත්ම තියා ගන්න.
ඒකෙන් කියවෙන්නේ නැහැ දේශපාලන කරපු අපේ සහෝදරවරු වෘත්තිය සමිති නායකයෝ මුදල් හෙව්වේ නැහැ කියන එක. මුදල් හෙව්වා, නමුත් නිර්ධන පන්තිය නියෝජනය කරන අනෙක් සහෝදරවරුන්ගේ හිත රිද්දවන්න බැරි නිසයි, මොඩල් එක පවත්වාගෙන යන්නයි, එක්තරා විදියට ඉන්න වුනා. ජොබ් කරන්න ඕනේ නැහැ දේශපාලනය කරද්දි සල්ලි හම්බ කරන්න. ඒකට තමා යම් යම් මොඩල් නිර්මාණය කරලා තියෙන්නේ. උදාහරණයක් විදියට, අපිට ඉන්නවා අනෙක් පක්ෂ වලට නැති පික්ට් වලට අරගලේකට රැස්වීමකට උනත් තමන්ගේ අතින් වියදම් කරන් එන පිරිසක්, තව ඉන්නවා,තමන්ට එන්න බැරි උනත් එන කෙනෙක් වෙනුවෙන් සල්ලි දෙන පිරිසක්, තව ඉන්නවා, තමනුත් ඇවිත් තවත් දෙන්නෙක් වෙනුවෙනුත් වියදම් කරන පිරිස් අපි අතර ඉන්නවා. තව ඉතිං අපේ පොත් මිලදි අරගන්න අය, තව අපේ ගිනිසිළුව වගේ පත්තරේ ගත්තු අය හිටියා, සමහරු හිටියා පත්තරේ නොගත්තා උනත් සල්ලි දීපු අය, තව අපේ පක්ෂේ අය කැට කලා, කැම්පස් වල කරණ කැට වලිනුත් පක්ෂෙට සල්ලි ආවා. ඔය කැම්පස් වල කරන ප්රසංග වලිනුත් අපේ සංගම් හරහා නම් වුනේ ඒවායින් සල්ලි ආවා. ඒ වගේ අපට සල්ලි ආවා. අනෙක තමා ගොඩක් රාජ්ය වගේම පෞද්ගලික ආයතන වලත් අපිට වෘත්තිය සම්ගම් තිබ්බා, ඒවායින් සල්ලි ආවා. අනෙක ඔය වෘත්තිය අරගල වලිදි ආයතනවලින් අපිට ගෙව්වා අරගල නවත්තනවට, තවත් ආයතන වලින් ගෙව්වා යම් යම් වැරදි අයතන වල වෘත්තිය අරගල දියත් කරනවට, ඒවයින් ජනතාවට හානියක් වුනේ නැහැ. ඔය වෝල්ස් එක උනත් කාර්ගිල්ස් එක ගත්තනේ.
අනෙක අපේ ටි බී සරත් සහෝදරයා කිව්වනේ, අපේ තියෙන හොදක් නිසා නෙමෙයි අනෙක් දෙක කෙරේ එපා වෙලා ඒ කෙරෙහි තිබුණු වෛරය නිසා තමයි අපිව ජනතාව ආණ්ඩු බලයට පත් කලේ කියලා. එතකොට, නිර්ධන පන්තිය කෙරේ ඇති කරපු වෛරය තමා බලය වෙලා තියෙන්නේ. මොඩල් එක හරි නේ. වැරැද්දක් නෑනේ.
දැන් ආණ්ඩුව ගත්තම පේනවනේ විපක්ෂයකට කොන්දක් නෑ කියලා, කිසිම මොඩල් එකකුත් නෑ කියලා බලය ගන්න තියා, කිසිම දේකට විරුද්ධ වෙන්නවත්.
මොනවා උඹලා කිව්වත් මාලිමාව ඇර විකල්පයක් නෑ..