එහෙනම් මුලින්ම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීති සංශෝධනය කරලා ඉන්න. ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණ තීන්දුවක් විවේචනය කිරීමේ නිදහස, විනිසුරුවන් විවේචනය කිරීමේ නිදහස තියෙන්න ඕන. ලංකාවේ නමට හරි විධායකය, ව්‍යවස්ථාදායකය විවේචනය කරන්න පුළුවන් හැබැයි අධිකරණය විවේචනය කරොත් ඒකට බරපතල දඩුවම් දෙනවා. අධිකරණයට අපහාස කිරීමට දඩුවම් කිරීම කමක් නෑ. හැබැයි විවේචනයක්, අපහාසයක් කියලා අර්ථ දැක්වීම වලක්වන්න ඕන. මතකයිනේ අර උසාවිය නිහඩයි ෆිල්ම් එකත් තහනම් කරන්න ගියේ, නිවාඩු දවසක විනිසුරෙක් චැනල් පෝලිම පැනලා ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්න ගිය එකට විරුද්ධ වෙච්ච මනුස්සයාව අත්අඩංගුවට ගත්තෙත් ඔය නීතිය යටතේ.