ඇතෙකු ආරක්ෂා කිරීමට නොහැකි පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිට ඉල්ලා අස්වන ලෙස එල්ල වන ජනතා විරෝධය හමුවේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර ඔහුව ආරක්ෂා කrayi

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,292
    2
    5,815
    113
    ඇතෙකු ආරක්ෂා කිරීමට නොහැකි පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිට ඉල්ලා අස්වන ලෙස එල්ල වන ජනතා විරෝධය හමුවේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙයි.
    කාවන්තිස්ස ඇතාගේ අකල් මරණයත් සමඟ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබෙන දැඩි ජනතා විරෝධය හමුවේ, ඔහුව ආරක්ෂා කිරීම සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඉදිරිපත් වී තිබෙනවා.
    වෙඩි වැදීමකින් බරපතල තුවාල ලබා සිටි කාවන්තිස්ස ඇතාට නිසි වේලාවට ප්‍රතිකාර ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස ධම්මික පටබැඳි එම වගකීම භාරගෙන වහාම ඉල්ලා අස්විය යුතු බවට මේ වන විට රට පුරා දැඩි හඬක් නැගෙමින් පවතිනවා.
    මෙලෙස පරිසර අමාත්‍යවරයාට එරෙහිව එල්ල වන දැඩි විවේචන හමුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ධම්මික පටබැඳිව සාධාරණීකරණය කරමින් සහ ඔහුට සහය පළ කරමින් පළවූ සටහන් (Posts) බෙදා ගැනීමට (Share කිරීමට) පියවර ගෙන තිබෙනවා.
    රජයේ සහ වනජීවී බලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් රටට අහිමි වූ ජාතික සම්පතක් වෙනුවෙන් ජනතාව සාධාරණය ඉල්ලා සිටින මොහොතක, වැරදි නිවැරදි කර ගැනීම වෙනුවට අමාත්‍යවරුන් මෙලෙස එකිනෙකා ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම මොන තරම් තුච්ඡද?

     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    909
    323
    83
    Doha - Qatar
    🐘 පඩයප්පා රැකගන්න කේරළයට පුළුවන් නම්, කාවන්තිස්ස රැකගන්න අපේ වනජීවී දෙපාර්තමේන්තුවට බැරි වුණේ ඇයි?

    කේරළයේ මුන්නාර් ප්‍රදේශයේ පඩයප්පා කියන වන අලියා වයස අවුරුදු 60ක් පමණ වන බවට ඇස්තමේන්තු කෙරෙනවා. ඔහු මිනිස් ජනාවාසවලට පැමිණෙන අවස්ථාවලදී වනජීවී නිලධාරීන් මැදිහත් වෙනවා. ඔහුගේ ගමන් බිමන් නිරීක්ෂණය කරනවා. මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන අතරම අලියාටත් ජීවත් වීමට ඉඩ සලසන්න උත්සාහ කරනවා.

    එහෙම නම් අපේ රටේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙවැනි ක්‍රමවත් වැඩපිළිවෙළක් තවත් ශක්තිමත් කරන්න බැරි ඇයි?

    අද අපට අහිමි වී තිබෙන්නේ තවත් එක් වන අලියෙක් පමණක් නොවෙයි. කාවන්තිස්ස වැනි වටිනා වන අලියෙකුගේ ජීවිතයයි. ඔහුගේ පාදයට වෙඩි වැදීමෙන් ඇති වූ බවට වාර්තා වූ තුවාලයට ප්‍රතිකාර ලබා දුන්නත්, අවසානයේ ඔහු මියගිය බවට පුවත් වාර්තා පළවුණා.

    මෙතැනදී ප්‍රශ්නයක් අහන්නම ඕනෑ.

    වන අලියෙකු තුවාල ලැබූ පසු ප්‍රතිකාර කිරීම පමණක් ප්‍රමාණවත්ද? නැත්නම් එවැනි අනතුරු වළක්වා ගැනීමටත්, තුවාල ලැබූ සතෙකුගේ ජීවිතය බේරාගැනීමටත් මීට වඩා ශක්තිමත් ක්‍රියාමාර්ග අවශ්‍යද?

    අපේ වනජීවී නිලධාරීන් අතර කැපවීමෙන් වැඩ කරන පිරිස් සිටින බව අපි පිළිගන්නවා. නමුත් ඒ නිසාම සමස්ත පද්ධතියේ අඩුපාඩු ගැන ප්‍රශ්න නොකර සිටිය යුතු නැහැ.

    කාවන්තිස්සගේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගෙන් පැහැදිලි පිළිතුරු අවශ්‍යයි.

    🔹 ඔහුට වෙඩි වැදීම වළක්වා ගැනීමට මීට පෙර ගත හැකිව තිබූ පියවර මොනවාද?

    🔹 තුවාලයෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් වැඩපිළිවෙළක් තිබුණාද?

    🔹 ඔහුගේ ජීවිතය බේරාගැනීමට ගත් සියලු පියවර සහ ප්‍රතිකාර පිළිබඳ විධිමත් සමාලෝචනයක් සිදු කරනවාද?

    🔹 මෙවැනි සිදුවීම් නැවත නොවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?

    මේවා චෝදනා කිරීම සඳහා පමණක් අසන ප්‍රශ්න නොවෙයි. පිළිතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති ප්‍රශ්නයි.

    පඩයප්පා වැනි වන අලියෙකු ආරක්ෂා කිරීමේදී වැදගත් වන්නේ ඔහු ප්‍රසිද්ධ අලියෙකු වීම පමණක් නොවෙයි. ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා නිරීක්ෂණය, නිසි කළමනාකරණය සහ හදිසි ප්‍රතිචාර ක්‍රම ක්‍රියාත්මක වීමයි.

    අපේ රටේ වන අලියෙකු මියගිය පසු ශෝක පණිවිඩ නිකුත් කරනවාට වඩා, ඔවුන් ජීවත්ව සිටියදී ආරක්ෂා කිරීමට වගකීමෙන් වැඩ කරන පද්ධතියක් අපට අවශ්‍යයි.

    කාවන්තිස්සගේ මරණය ගැන කනගාටු වීම පමණක් ප්‍රමාණවත් නැහැ. සිදුවූයේ කුමක්ද, අඩුපාඩු තිබුණාද, ඉදිරියේදී ඒවා නිවැරදි කරන්නේ කෙසේද යන්නට පැහැදිලි පිළිතුරු අවශ්‍යයි.

    අපේ වන අලි අපේ ජාතික උරුමයයි. ඔවුන් ආරක්ෂා කිරීම වනජීවී දෙපාර්තමේන්තුවේ වගකීමක් පමණක් නොව, සමස්ත රටේම වගකීමක්. නමුත් ඒ වගකීම ඉටු කිරීමට බලය සහ සම්පත් ඇති ආයතනවලින් මහජනතාවට වගවීමත් අපේක්ෂා කළ යුතුයි.

    කාවන්තිස්ස වෙනුවෙන් හඬ නඟමු. තවත් වන අලියෙකුගේ ජීවිතයක් අහිමි වීමට පෙර ක්‍රියාත්මක වෙමු. 🇱🇰🐘
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,411
    1,922
    113
    United States
    පටබැඳිව බේරගන්න හර්ෂණ post share කරනවා මිසක්, වෙච්ච වැරැද්ද හදාගන්න එකක් ගැන කතාවක්වත් නෑනෙ බං
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,539
    22,266
    113
    End is Near Fuckers.back to 2%

    😹😹😹

    PIkU6gw.jpeg
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,292
    2
    5,815
    113
    ලංකාවෙ ඉන්න ලොකුම දල ඇතා ගෙනල්ලා මුන් දෙන්නව ගහක බැදලා පුක්ශනය කලොත් මේක හරි යෛද?
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,394
    10,788
    113
    ජෙප්පෝ සංවේදි නොවනා කරානා අතර උඩින්ම තියෙන දෙයක් තමා සත්තු කියන්නේ..මුන්ට කෙලවෙන්නෙත් ඕවා නිසාම තමා
     
    • Like
    Reactions: mall_9n