ගොඩක් දෙනෙක් රාවණා රජතුමා ගැනයි, පැරණි ලංකාපුරය ගැනයි කතා කරන්නේ අපේ ජනප්‍රවාදවල එන තොරතුරුත් එක්ක කලවම් කරගෙනයි. හැබැයි අපි අපේ ජනප්‍රවාද පැත්තකින් තියලා, සංස්කෘත භාෂාවෙන් ලියැවුණු මහාසෘෂි වාල්මිකීගේ රාමායණය පෙරළලා බැලුවොත්, ඒකේ විස්තර වෙන "ලංකාපුරය" කියන්නේ අපි ඉන්න ලංකාවට වඩා හිතාගන්නවත් බැරි තරම් පුදුම සහගත, අතිශය දියුණු, සෞන්දර්යාත්මක වගේම දැවැන්ත යුද ශක්තියක් තිබුණු රාජධානියක්. වාල්මිකී මුනිවරයාගේ රාමායණයේ අරණ්‍ය කාණ්ඩය, කිෂ්කින්ධා කාණ්ඩය, සුන්දර කාණ්ඩය, යුද්ධ කාණ්ඩය සහ උත්තර කාණ්ඩය කියන කොටස්වල සඳහන් වෙන තොරතුරු විතරක් පදනම් කරගෙන, අපි එදා තිබුණු ලංකාව මොන වගේද කියලා කතා කරමු.
මුලින්ම කියනව නම් ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලංකාපුරය හැදුවේ රාවණා රජතුමා කියලයි. හැබැයි වාල්මිකී රාමායණයේ උත්තර කාණ්ඩයට අනුව ලංකාපුරයේ ඉතිහාසය රාවණා ඉපදෙන්නත් ගොඩක් කාලයකට කලින් පටන් ගන්නා එකක්.
ලංකාපුරය නිර්මාණය කළේ දෙවියන්ගේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වුණු විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසිනුයි. වැඩේ කියන්නේ දෙවියන්ගේ නායක ඉන්ද්‍රගේ "අමරාවතී" පුරය හැදුවෙත් ඔහුමයි. සුකේශ කියන රාක්ෂස රජුගේ පුත්තු තුන්දෙනා වුණු මාල්‍යවාන්, සුමාලි සහ මාලි කියන රාක්ෂස සහෝදරයන් තුන්දෙනා මහා බ්‍රහ්මයාගෙන් වර ලබාගෙන, තමන්ට ඉන්න දිව්‍යලෝකය පරදවන නගරයක් හදලා දෙන්න කියලා විශ්වකර්මයාට නියෝග කළා. ඒ අනුවයි දකුණු මුහුද මැද තියෙන ත්‍රිකූට පර්වතය මුදුනේ මේ රන්වන් ලංකාපුරය ඉදිවෙන්නේ.
පස්සේ කාලෙක මාල්‍යවාන්, සුමාලි සහ මාලි දෙවියන්ට හිරිහැර කරන්න ගත්තාම, විෂ්ණු දෙවියන් ඔවුන් එක්ක යුද්ධ කරලා "මාලි"ව මරා දැම්මා. ජීවිතේ බේරගන්න මාල්‍යවාන් සහ සුමාලි ඇතුළු රාක්ෂසයෝ ලංකාව අතහැරලා පාතාල ලෝකයට පලා ගියා. රාක්ෂසයෝ ගියාට පස්සේ පාළුවට ගිය මේ ලස්සන ලංකාපුරයේ පදිංචියට ආවේ විශ්‍රවස් මුනිවරයාගේ වැඩිමහල් පුතා වුණු වෛශ්‍රවණ හෙවත් කුවේර. ඔහු යක්ෂ සේනාවත් එක්ක ලංකාව පාලනය කරද්දී, පාතාලයේ හිටපු සුමාලි රාක්ෂස රජු තමන්ගේ දුව වුණු කෛකසීව විශ්‍රවස් මුනිවරයා ළඟට යැව්වා. ඒ දෙන්නට ලැබුණු දරුවෝ තමයි දශග්‍රීව (රාවණා), කුම්භකර්ණ, ශූර්පණඛා සහ විභීෂණ.
රාවණා තරුණ වියට පත්වෙලා බ්‍රහ්මයාගෙන් වර ලබාගත්තට පස්සේ, සීයා වුණු සුමාලි රාවණාට කිව්වා "පුතේ, ඔය ලංකාපුරය කුවේරට කලින් අයිති වෙලා තිබුණේ අපිටයි, ඒක ආපහු ගන්න" කියලා. රාවණා ඒ අනුව තමන්ගේ සෙන්පති ප්‍රහස්තව අතේ ලංකාපුරයේ අයිතිය ඉල්ලලා කුවේරට පණිවිඩයක් යැව්වා. තාත්තා වුණු විශ්‍රවස් මුනිවරයාගේ උපදෙස් පිට කුවේර ලංකාපුරය අතහැරලා උතුරු දිශාවේ කෛලාස පර්වතයට ගියා.
අන්න ඒ විදිහට තමයි රාවණා ලංකාවේ රජතුමා වුණේ!
වාල්මිකී රාමායණයේ කිෂ්කින්ධා කාණ්ඩයේ සහ සුන්දර කාණ්ඩයේ ලංකාවේ පිහිටීම හරිම පැහැදිලිව විස්තර කරනවා.
රාමායණයට අනුව ඉන්දියාවේ දකුණු කෙළවරේ තියෙන මහේන්ද්‍ර පර්වතයේ ඉඳන් දකුණු දිශාවට (දක්ෂිණ සාගරය හෙවත් ලවණ සාගරය හරහා) හරියටම යොදුන් 100ක් දුරින් තමයි ලංකා දූපත පිහිටලා තිබුණේ.ඉන්දියාවේ ඉදලා මේ යොදුන් 100ක මුහුදු දුර ගමන් කරපු හනුමාන්ට මුහුණ දෙන්න වුණු ප්‍රධාන තැන් තුනක් ගැනත් වාල්මිකී සඳහන් කරනවා,
1.මෛනාක පර්වතය: මුහුද යට සැඟවිලා තිබුණු රන්වන් පර්වතයක්. හනුමාන්ට ගිමන් හරින්න මුහුදෙන් උඩට මතු වුණා.
2.සුරසාගේ වාසස්ථානය: නාගයන්ගේ මව වුණු සුරසා හනුමාන්ගේ බුද්ධිය පරීක්ෂා කළ ස්ථානය.
3.සිංහිකා රාක්ෂසියගේ කලාපය: අහසින් යන අයගේ හෙවණැල්ලෙන් අල්ලලා තමන් ළඟට ඇදගන්නා බලයක් තිබුණු සිංහිකා හිටපු මුහුදු කලාපය.
වාල්මිකී රාමායණයට අනුව ලංකා දූපතේ ප්‍රධාන කඳු ගැට තුනක් ගැනත් විශේෂයෙන් කියැවෙනවා,
1. ත්‍රිකූට පර්වතය: ලංකාපුර නගරය පිහිටලා තිබුණු ප්‍රධානම මහා පර්වතය. මේක අහස සිඹින, කාටවත් ලේසියෙන් නගින්න බැරි රන් හා රිදී පැහැයෙන් දිලිසෙන කඳු මුදුනක්.
2.ලම්බ පර්වතය: හනුමාන් මුහුද තරණය කරලා ලංකාවට ගොඩබහිද්දී මුලින්ම පය තියපු, කොළ පාට ගස්වැල්වලින් පිරුණු කන්ද.
3.සුවේල පර්වතය: යුද්ධ කාණ්ඩයේදී රාම කුමාරයා සහ වානර හමුදාව කඳවුරු බැඳගෙන ලංකාපුරය දිහා බලපු කන්ද.
ඊලඟට රාමායණය අනුව ලංකාපුර නගරයේ විශාලත්වය ගැන කිව්වොත් ත්‍රිකූට පර්වතය මුදුනේ තිබුණු ප්‍රධාන ලංකාපුර නගරය පළලින් යොදුන් 10ක් (සමහර ශ්ලෝකවල යොදුන් 20ක්) සහ දිගින් යොදුන් 30ක් බව සඳහන් වෙනවා. සමස්ත ලංකා රාජධානියම යොදුන් 100ක් පුරා විහිදී තිබුණු බවත් කියැවෙනවා.
රාමායණයේ යුද්ධ කාණ්ඩයේදී හනුමාන් රාම කුමාරයාට ලංකාවේ ආරක්ෂක විධිවිධාන ගැන සම්පූර්ණ ඔත්තු වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒක කියෙව්වාම එදා ලංකාවේ තිබුණු ආරක්ෂාව කොයි තරම් දියුණුද කියලා හිතාගන්න පුළුවන්.
* රන් ප්‍රාකාරය (හේම ප්‍රාකාරය): මුළු නගරයම වට කරලා සූර්යයා වගේ දිලිසෙන, මැණික් සහ කොරල් ඔබ්බවපු දැවැන්ත රන් තාප්පයක් තිබුණා.
* ගැඹුරු දිය අගල් (පරිඛා): රන් තාප්පයට පිටතින් අතිශය ගැඹුරු, සීතල වතුර පිරුණු දිය අගල් තිබුණා. මේවායේ උඩින් ලස්සනට නෙළුම් මල් පිපිලා තිබුණට, වතුර යට මිනීමරු කිඹුලන් සහ දරුණු ජලජ සතුන් පිරිලා හිටියා.
* ස්වයංක්‍රීය පාලම් සහ යන්ත්‍ර (සංක්‍රම සහ ශතඝ්නී): දිය අගල් හරහා නගරයට ඇතුළු වෙන ප්‍රධාන දොරටු හතරේම දැවැන්ත යාන්ත්‍රික පාලම් (සංක්‍රම) තිබුණා. සතුරන් මේ පාලම් උඩින් එන්න හැදුවොත්, ඒවායේ හයි කරලා තිබුණු බලගතු යන්ත්‍ර ක්‍රියාත්මක වෙලා සතුරන්ව උස්සලා කිඹුලන් ඉන්න දිය අගලට විසි කරන බව හනුමාන් රාමට විස්තර කරනවා! ඊට අමතරව "ශතඝ්නී" (එකවර සිය දෙනෙකු මැරිය හැකි, යකඩ උල් සවිකළ දැවැන්ත අවි විශේෂයක්) තාප්ප වටේටම සවි කරලා තිබුණා.
ලංකාපුරයේ ප්‍රධාන දොරටු 4 සහ ඒවායේ ආරක්ෂාව ගැනත් හනුමාන් විශේෂයෙන්ම සඳහන් කලා.
1. නැගෙනහිර දොරටුව - රාක්ෂස සෙබළුන් දස දහසක්, යකඩ අගුල් දැමූ රන් දොරටු සහ ත්‍රිශූල, කඩු ගත් විශේෂ බලකායක්
2. දකුණු දොරටුව - රාක්ෂස සෙබළුන් ලක්ෂයක්, ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාව සහ මහා යුද යන්ත්‍ර එකතුවක්
3..බටහිර දොරටුව - රාක්ෂස සෙබළුන් දස ලක්ෂයක්, පළිහ සහ කඩු දැරූ ප්‍රභූ රාක්ෂස හමුදාවක්.
4. උතුරු දොරටුව - රාක්ෂස සෙබළුන් කෝටියකට අධික පිරිසක්, රථ සහ අශ්ව සේනා සහිතව රාවණා රජුගේ සෘජු අධීක්ෂණය යටතේ පැවති දොරටුව තමයි මෙය.
සුන්දර කාණ්ඩයට අනුව ලංකාපුරයට භෞතික ආරක්ෂාවට අමතරව අධිභෞතික ආරක්ෂාවකුත් තිබුණා. ඒ තමයි මුළු ලංකා නගරයේම ප්‍රතිමූර්තිය වුණු "ලංකිණී" නම් රාක්ෂස දේවතාවිය. හනුමාන් රෑ යාමයේ බළලෙකුගේ ප්‍රමාණයට කුඩා වෙලා නගරයට රිංගන්න හදද්දී ලංකිණී ඔහුව අල්ලගන්නවා. ඇය කාන්තාවක් නිසා හනුමාන් ඇයව නොමරා වම් අතින් පහරක් ගහනවා. එතකොට ලංකිණීට මතක් වෙනවා මහා බ්‍රහ්මයා ඉස්සර කියපු අනාවැකියක් "යම් දවසක වඳුරෙකු අතින් ඔබ පරාජය වුණොත්, එදාට රාක්ෂසයන්ගේ විනාශය ආරම්භ වෙනවා" කියලා. ඒ අනුව ඇයම හනුමාන්ට නගරයට ඇතුළු වෙන්න අවසර දෙනවා.
හනුමාන් ලංකාපුරය ඇතුළට ගියාම දැකපු දේවල් වාල්මිකී මුනිවරයා සුන්දර කාණ්ඩයේ විස්තර කරන්නේ හරියට සිහින ලෝකයක් වගේ.
ත්‍රිකූට කන්ද මුදුනේ සුදු පාට වලාකුළු අතරේ කිරිගරුඬ සහ රන්වන් මාලිගා පිහිටලා තිබුණු නිසා, ඈතට ලංකාපුරය පෙනුණේ "අහසේ පාවෙන ගන්ධර්ව නගරයක්" වගේ කියලා වාල්මිකී කියනවා.
නගරයේ තිබුණු ගොඩනැගිලි තට්ටු හත (සප්ත භූමික) සහ තට්ටු අට (අෂ්ට භූමික) උසට හදලා තිබුණා. මේවායේ පොළොව පළිඟුවලින් සහ රත්තරනින් නිම කරලා, කුළුණුවලට මැණික් ඔබ්බවලා, ජනෙල් කවුළුවලට මුතු දැල් (මුක්තා ජාල) දාලා තිබුණා.
නගරයේ පාරවල් ඉතාම පළල්, පිරිසිදු ඒවා. ඒ පාරවල්වලට සුවඳ පැන් ඉහලා, මල් අතුරලා තිබුණා.
රාවණාගේ මාලිගාවට යන අතරමඟදී හනුමාන් රාවණාගේ ප්‍රධාන මැති ඇමතිවරුන්ගේ අති සුන්දර මන්දිර දැකපු බවත් පවසනවා. ඒ වගේම ඔහු අනිත් රාක්ෂස මන්දිරවලින් විභීෂණගේ මන්දිරය කැපී පෙණුනු බවත් පවසනවා. එහි දොරටුවේ විෂ්ණු දෙවියන්ගේ ලාංඡන වුණු ගදා (යගදාව) සහ චක්‍ර (සුදර්ශන චක්‍රය) සලකුණු කරලා තිබුණා. ඒ වගේම එතැනින් නිතරම වේද මන්ත්‍ර ස්වර ඇහුණා.
රාවණා රජතුමාගේ ප්‍රධාන මාලිගා සංකීර්ණය නගරයේ උසම තැනක, වෙනම ප්‍රාකාරයකින් වට කරලා තිබුණේ. ඒ මාලිගා සංකීර්ණය ඇතුළේ තමයි ලෝක ප්‍රසිද්ධ "පුෂ්පක විමානය" නවත්තලා තිබුණේ.
අපේ ජනප්‍රවාදවල "ලීවලින් හදපු මොනරෙකුගේ හැඩයේ දඬුමොනරයක්" ගැන කියැවුණාට, වාල්මිකී රාමායණයේ "දඬුමොනරයක්" ගැන කිසිම සඳහනක් නැහැ! වාල්මිකීට අනුව පුෂ්පක විමානය කියන්නේ අහසින් යන දැවැන්ත මාලිගාවක්. ඒක හැදුවෙත් විශ්වකර්මයා විසින් මහා බ්‍රහ්මයා වෙනුවෙන්. බ්‍රහ්මයාගෙන් කුවේරට ලැබුණු මේ විමානය, රාවණා කුවේරව පරාජය කරලා අත්පත් කරගත්තා.
මේ විමානය ක්‍රියාත්මක වුණේ මනෝවේගයෙනුයි (ස්වාමියා හිතන දිශාවට, හිතන වේගයෙන් ගමන් කිරීමේ හැකියාව).
විමානය ඇතුළේ රත්තරනින් සහ මැණික්වලින් හදපු කෘත්‍රිම ගස්වැල්, පොකුණු, රන් හංසයෝ, විවේක ශාලා සහ මැණික් ආසන තිබුණා.
පුදුමම දේ තමයි, ඒකේ යන්න එන පිරිස වැඩි වෙද්දී ඉබේම විශාල වෙන්නත්, පිරිස අඩු වෙද්දී කුඩා වෙන්නත් මේ විමානයට හැකියාව තිබුණා (යුද්ධය ඉවර වෙලා රාම, සීතා, ලක්ෂ්මණ විතරක් නෙවෙයි, මුළු වානර හමුදාවම අයෝධ්‍යාවට ගියේ මේ එකම පුෂ්පක විමානයේ නැගලයි!).
ලංකාපුරයේ උද්‍යාන නිර්මාණ ශිල්පය කොයි තරම් ඉහළ මට්ටමක තිබුණද කියන්න හොඳම උදාහරණය තමයි රාවණාගේ රාජකීය උද්‍යානය වුණු අශෝක වනය (මේකට "ප්‍රමද වනය" කියලත් වාල්මිකී කියනවා).
මේ උද්‍යානය සැලසුම් කරලා තිබුණේ අවුරුද්දේ හැම සෘතුවකම ගස්වල මල් සහ පලතුරු පිරිලා තියෙන විදිහටයි. අශෝක, චම්පක (සපු), සල්, අඹ, නා සහ සන්තානක ගස්වලින් මුළු උයනම සුවඳවත් වෙලා තිබුණා.
උද්‍යානය මැද මිනිස් අතින් නිර්මාණය කරපු ලස්සන කෘත්‍රිම කන්දක් (ක්‍රීඩා පර්වතයක්), ඒ කන්දෙන් කඩා හැලෙන දිය ඇල්ලක් සහ රන් හා මැණික් පඩිපෙළවල් බැඳපු පළිඟු පොකුණු තිබුණා.
අශෝක වනය මැද රන් කුළුණු දහසකින් (සහස්‍ර ස්තම්භ) හදපු, අහස උසට නැගුණු "චෛත්‍ය ප්‍රාසාදය" නම් අතිවිශාල මණ්ඩපයක් තිබුණා (හනුමාන් අශෝක වනය විනාශ කරද්දී මේ කුළුණු දහසේ ප්‍රාසාදයත් කඩලා බිම දැම්මා).
මේ අශෝක වනයේ තිබුණු ඝන කොළ පිරුණු ශිංශපා ගසක් (ඇට්ටේරියා කුලයට නෑකම් කියන ගසක්) යට තමයි රාවණා සීතා දේවියව රාක්ෂස කාන්තාවන්ගේ ආරක්ෂාව මැද රඳවලා තිබුණේ.
මීට අමතරව ලංකාපුරයේ තිබුණු තවත් රහසිගත සහ පූජනීය වන උද්‍යානයක් තමයි නිකුම්භිලා වනය. රාවණාගේ පුත් ඉන්ද්‍රජිත් යුද්ධයට යන්න කලින් අදෘශ්‍යමාන වීමේ බලය සහ දිව්‍යමය අවි ආයුධ ලබාගන්න ගිනි පූජා (හෝම යාග) පැවැත්වුවේ මේ නිකුම්භිලා වනයේදීයි.
බොහෝ දෙනෙක් වාල්මීකී ලංකාවට අපහාස කලා කිව්වත්, රාමායණයේ සුන්දර කාණ්ඩය කියවද්දී අපිට ලංකාවේ ජීවත් වුණු මිනිස්සුන්ගේ සැබෑ ජීවන රටාව ගැන හරිම රසවත් කරුණු ගොඩක් හම්බවෙනවා.
ඉන් එකක් තමයි රාමායණයේ කියන රාක්ෂසයෝ කියන්නේ කැත යක්කු නෙවෙයි කියන එක. වාල්මිකී මුනිවරයා සුන්දර කාණ්ඩයේ ඉතාම පැහැදිලිව කියනවා හනුමාන් ලංකාපුරයේ ගෙවල් දිහා බලද්දී එක එක ස්වරූපයේ අය දැක්කා කියලා. සමහර ආරක්ෂක භටයන් බියකරු, විශාල ශරීර තියෙන අය වුණාට, ලංකාපුරයේ හිටපු බහුතරයක් පුරවැසියන් ඉතාම කඩවසම්, සුරූපී, සිනිඳු සේද වස්ත්‍ර ඇඳපු, රන් ආභරණ පැළඳපු, ඇඟේ සඳුන් කල්ක ගාගත්තු, මල්මාලා දාගත්තු ඉතාම ශිෂ්ට සම්පන්න පිරිසක් බව වාල්මිකී ලියලා තියෙනවා!