චාරිකා - සුන්දර මන්දාරම් නුවර

NRTG

Well-known member
  • Oct 19, 2019
    32,619
    174,525
    113
    Colombo, Sri Lanka
    සාමාන්‍යයෙන් නුවර කියලා හඳුන්වන්නේ නගරයක්නෙ. නමුත් ඒ නමින් හඳුන්වන පිටිසර දුෂ්කර ගමක් අපේ රටේ තියනවා. ඒ තමයි මන්දාරම් නුවර. පසුගිය කාල සීමාවේ දී මන්දාරම් නුවරට චාරිකා යාම තරුණ පෙළ අතර විලාසිතාවක් බවට පත්ව තිබුණා. නමුත් කොවිඩ් වසංගතයත් එක්ක ඒක මඟහැරිලා ගිහින්. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ඉතා සුන්දර කඳු වලල්ලකින් වටවූ නිතර මන්දාරම් ගතියක් තිබෙන ගමක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ.

    5v1xEm7.jpg

    යන්නේ කොහොමද?​

    ගම දුෂ්කර වුණත් යන පාර කවුරුත් දන්නවා. මහනුවර සිට හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩ පසුකර පදියපැලැල්ල දෙසට යනවිට එළමලේ හන්දිය හමුවෙනවා. එතැනින් හැරිලා අතුරු පාරක කඳු බෑවුම් අතරින් කිලෝමීටර් 11ක් පමණ දුර ගමන් කළ පසුව සුන්දර මන්දාරම් නුවරට ළඟා විය හැකි යි. ගම දක්වා වෑන් රථ වැනි කුඩා වාහනයකින් වුව ද ගමන් කළ හැකි යි.

    xXdzSOs.jpg

    කඳුවලින් වටවූ නිම්නය -tharakag.blogspot.com

    නුවරඑළිය සිට පැමිණෙන්නේ නම් කඳපොළ හරහා මන්දාරම් නුවරට යන මාර්ගය වඩාත් අලංකාර යි. තේවතු මැදින් දිව යන මේ පාරේ සොඳුරු දසුන් රැසක් දැකගත හැකි යි. නුවරඑළියේ සිට එයට ඇති දුර කිලෝමීටර 40ක්. අත්හැර දමා ඇති මන්දාරම් නුවර තේ කර්මාන්ත ශාලාව අසල සිට පා ගමනින් ගමන් කළ යුතු වෙනවා. මහනුවර සිට එයට ඇති දුර කිලෝ මීටර් 54ක්.

    JDpX5Qm.jpg

    මන්දාරම් නුවර කොඩියආරාගල මතට පෙනෙන අයුරු-tharakag.blogspot.com

    මෙම කඳු ප්‍රදේශයට මන්දාරම්නුවර යැයිකියන්නේ අවට වෙනත් ගම්වලට වඩා පමා වී හිරු උදාවීමත්, ඒ වගේ ම වඩා වේලාසනින් හිරු බැස යාමත් නිස යි. මේ නිසා ගමට අව්ව වැටෙන්නේ කලාතුරකින්. නිතර ම වැහිබර මන්දාරම් ගතිය සහිත සිසිල් දේශගුණයක් තමයි තිබෙන්නේ.එයට හේතුව ඉර උදාවන දෙසින් විශාල කඳුවැටි පෙළකින් ගම මුවා වී තිබීම යි.

    lhGtMoO.jpg

    නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මේ ගම පිහිටා තිබෙන්නේ පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල සිව් කඳුවැටිවලට මැදි ව කඳු අතර නිම්නයක යි. පුරාණ බෙදීම් අනුව එය කන්දඋඩ පස්රට හේවාහැට රටට අයත් වෙනවා. මන්දාරම් නුවරට පැමිණෙන කාගෙත් සිතේ ඇතිවන ප්‍රශ්නය නම් අතරමගදී දුටු හිරු මේ ගමේ නැත්තේ ඇයි ද කියා යි. උඩරට රජ කාලේ මේ ගමට කියලා තියෙන්නේ මන්දාරම් පුර කියල යි.

    මන්දාරම් පුර පුවත​

    මහනුවර යුගයේ දී ලියැවුණු ඓතිහාසික තොරතුරු ඇතුළත් මෙම කවි පොත එක් කර්තෘ කෙනකු ලියූ පොතක් නොවන බව එහි සංස්කරණයක් කළ ලබුගම ලංකානන්ද හිමියන් පවසනවා. එහි පළමු පරිච්ඡේද හතර, හළුවඩන නිලය ලත්, විකුම් ඇදුරු (වික්‍රම) නම් පඬිවරයකු රචනා කළ බව තමයි කියවෙන්නේ. සීතාවක රාජසිංහ රජු (1581-1593) උඩරට රාජධානිය ආක්‍රමණය කර යටත්කර ගත් පසුව එහි ඔහු අලුත් ගම්මාන ඉදිකර තිබෙනවා. මන්දාරම්පුරයත් ඒ අතරින් එකක්.

    RpMlQi9.jpg

    මන්දාරම්පුර පුවත සංස්කරණයක්- grantha.lk

    විමලධර්මසූරියගේ ඇවෑමෙන් රාජ්‍යයට පත් වුණේ සෙනරත් (ක්‍රි. ව. 1604-1635) රජු යි. සෙනරත් රජු රන්දෙනිවෙල සටනින් කුන්ස්තන්තීනු ද සා සෙනෙවියා ප්‍රමුඛ පෘතුගීසින් පරාජය කොට, රට වටා සංචාරය කරන අවස්ථාවක හඟුරන්කෙත මාලිගයට පැමිණියා. ඉන් පසු ඔහුමන්දාරම්පුරයෙහි පහණ ඇල්ල මාලිගාවට පැමිණ දින හයක් නිදහස් සුවයෙන් ගත කළ බව සඳහන් වෙනවා. වර්තමානයේ වුණත් වැඩි දෙනෙක් මේ ගමට යන්නේ නගරයේ කලබලකාරී වටපිටාවෙන් මිදී නිදහස් සුන්දර පරිසරයක් විඳ ගැනීමටයි.

    ”බෙලිහුලිනෙතර සැදි රජ මැදුරට ගොසින සදිනක් එහිද ගතකර නෙක සිරි සදන” යනුවෙන් රජු පැමිණි පුවත මන්දාරම්පුර පුවත පොතේ විස්තර කෙරෙනවා. ඒ වගේම උඩරට සමහර රජවරුන් සතුරු ආක්‍රමණ පැමිණි විට රහසේ ම හඟුරන්කෙත මාලිගයට නුදුරු ව පිහිටි මන්දාරම්පුරට පැමිණ සැඟව සිටි බවත් ජනප්‍රවාදවල සඳහන් කාරණයක්. සෙනරත් රජු හේවාහැට අවට මන්දාරම්පුරය ද ඇතුළු ගම් දසයකින් යුත් ගෝනගල් නම් කෝරළය කරවා එහි සංවර්ධන කටයුතු කරවා තිබෙනවා.

    13MDWbR.jpg

    මන්දාරම් නුවර කඩමණ්ඩිය -Hiking Srilanka fb page

    මන්දාරම් නුවර​

    කාලයාගේ ඇවෑමෙන් ගමේ නම මන්දාරම් නුවර බවට පත් ව තිබෙනවා.එය කඳුපෙළින් වට වූ පහත් බිමක පිහිටි සුන්දර ගම්මානයක්.නිතර මිහිදුමින් බර එහි කුඩා කඩමණ්ඩියක් දැකගත හැකි යි. ක්‍රමයෙන් පිටිසර ගතිය ඉවත් වී නාගරික ලක්ෂණ මේ ගමටත් කාන්දු වී අවසන්. ගැමියන් සිය ස්වයංපෝෂිත යැපුම් ජීවිතය වෙනුවට නවීන මෙවලම් සහිත ජිවිතයකට පත්වෙමින් සිටිනවා. ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන යි. කඳු බෑවුම්වල හෙල්මළු ක්‍රමයට තනා ඇති උඩරට එළවළු වගාබිම් හැමතැන ම දැකගත හැකි යි.

    MeNISOq.jpg

    මන්දාරම් නුවර ගොවීන් ලීක්ස් ගලවමින්-මන්දාරම් නුවර facebook page

    ගොවින් වගාවලට සාත්තු කරන, ජලය යොදන අන්දමත් ගමට යන අයට නිතර දැකගත හැකි දසුනක්. කඳු බෑවුම්වල පිහිටි තේවතු ඈතින් දිස්වෙනවා. 1980 දශකය වන තෙක් මන්දාරම් නුවර අධික සීත දේශගුණයක් පැවතුණත් මේ වනවිට මෙහි සීතල දේශගුණය තරමක් අඩුවී ඇති බව පැවසෙනවා. එයට හේතුව කඳු කපා ගොවිතැන් කිරීම නිස යි. අතීතයේ මෙහි ගැමියන් නුවරඑළියේ මෙන් සීත කබා පැළඳ ගිනිමැල දල්වාගෙන සීතල මකා ගත් බව පැවසෙනවා.

    QIFpIn3.jpg

    වසර සියයකට පමණ පෙර මේ ගම ඉහත්තාවේ ඉංග්‍රීසින් වගා කළ තේ ඉඩම් ගැමියන්ට ගොවිතැන් කිරීම සඳහා පසුව ලැබී තිබෙනවා. අද ඒ තේවතු යුගය සිහිපත් කරන පැරණි තේ කර්මාන්ත ශාලාව දැකගත හැකි යි. කඳු අතර පිහිටි එම ගොවිබිම්වලට ළඟාවීම නම් ඉතා දුෂ්කර යි. ඔවුන් අස්වැන්න නෙළා ගත් පසුව කිලෝ පනහ බැගින් ගෝනිවලට අසුරා කර තබා ගෙන වාහනයක් ළඟා විය හැකි කඩමණ්ඩිය වෙතට පා ගමනින් ගමන් කිරීම සිරිතක්.

    YzoaEqc.jpg

    කඳු නැගීමට සහ සොබාසුන්දරත්වය විඳ ගැනීමට රුචි සංචාරකයන් පසුගිය කාලයේ බහුල ව මේ ගමට රැල්ලක් සේ ඇදී ආවා. ඒ නිසා සංචාරක කර්මාන්තය මෙහි සැලකිය යුතු පිරිසකගේ ආදායම් මාර්ගය බවට පත්ව තිබුණා.

    ගෘහ මට්ටමින් ආහාර සැපයීම, නවාතැන් සැපයීම ආදිය කෙරෙනවා. කුඩා නවාතැන් පොළ කිහිපයක් ද මෙහි ඇරඹී තිබෙනවා.ගම කෙළවරින් ඇදී යන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නුවරඑළිය අඩවි කොටසට අයත් වන රක්ෂිත නිසා එහි අනවසරයෙන් කඳවුරු ඉදිකිරීම, ගිනිමැල දැල්වීම නීතිවිරෝධී යි.

    කොළපතන ඇල්ල​

    මන්දාරම්නුවරට එන සෑම සංචාරකයකු ම පාහේ යන තැනක් තමයි කොළපතන දියඇල්ල. එය ඉතා සුන්දර වනගත පරිසරයක පිහිටා තිබෙනවා. රන්කොතනගල කඳුවැටියෙන් කඩා හැලෙන එය එතරම් උස ඇල්ලක් නොවූවත් වැසි සමයට විශාල ජල කඳක් ඉන් ගලා හැලෙනවා.

    GdfUrc6.jpg

    කොළපතන ඇල්ල ඉහළින් -yourchoiceway.com

    දිය ඇල්ලට පහළින් පිහිටි මන්දාරම් නුවර හා ඒ අවට ගම්මානවල ජනතාවගේ ගොවිතැන සඳහා සහ එදිනෙදා ජල අවශ්‍යතාවෙන් සියයට 90 කටත් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ද කොළපතන ඇල්ලේ ජලය යි. මෙහි ජලය බෙලිහුල්ඔයට එක් වී පසුව වික්ටෝරියා ජලාශය පෝෂණය කරනවා. පිදුරුතලාගල වන අඩවි වනාන්තර අවට පැතිර තිබෙනවා.

    Ntm0Vfc.jpg

    දියඇල්ල ඉදිරිපසින් – yourchoiceway.com

    දියඇල්ලට පිවිසෙන්නට නම් ඒ අසල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මුර කුටියෙන් රු. 100ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු ය. සංචාරකයන් ගෙනයන සියලු දෑ ඔවුන්ට භාර දිය යුතු ය. එහි යන සංචාරකයන්ට ඉන් ඔබ්බට රැගෙන යා හැක්කේ වතුර බෝතලයක්, කැමරාවක් ආදී සීමිත උපකරණ කිහිපයක් පමණයි. මත්පැන්, පොලිතීන් හෝ ගමන් මලු කිසිවක් එහි රැගෙන යෑමට අවසර ලබාදී නැහැ. දිය ඇල්ලට යෑමට කුඩා අඩි පාරක කිලෝමීටර් දෙකක් පමණ ගමන් කළ යුතු වෙනවා.

    uND7BxH.jpg

    මේ පාර කඳුවැටියක් හරහා වැටී තිබෙනවා. මාර්ගය දුෂ්කර වුව ද මඟ දෙපස ඇති ගස්වැල්, දියකඩිති ඇතුළු සුන්දර දසුන නිසා සිතට ලැබෙන්නේ අපූරු ආස්වාදයක්. දිය ඇල්ලට බැසීම හෝ එහි ස්නානය කිරීම නම් තහනම්. නැරඹුම් ස්ථානයෙන් පහළට ගොස් දියඇල්ල වැටෙන තැනට ගමන් කළහොත් ඉතා සුන්දර ජල තටාකයක් ඇස ගැටෙනවා. මෙහි පිරිසුදු ජලය පළිඟු මෙන් විනිවිද පෙනෙනවා.

    බෙරගහන ඇල්ල​

    මන්දාරම් නුවර යන අයකුට නැරඹීමට හැකි තවත් සුන්දර තැනක් ලෙස බෙර ගහන ඇල්ල හඳුන්වාදිය හැකියි. මේ ඇල්ලට ගමන් කිරීමට නම් කොඩිඅරාගලට යන පාරේ ටික දුරක් ගමන් කර අතරමගින් හැරී වනය මැදින් ගමන් කළ යුතු යි. ඒ සඳහා ඇති අඩි පාර නම් ඉතා දුෂ්කර යි. මෙම දිය ඇල්ලට ඒ නම වැටී ඇත්තේ වතුර වැටෙන විට ඇසෙන හඬ බෙර හඬට සමාන නිසා බව පැවසෙනවා. ගල් පර්වතය ඇතුළට හෑරී ඇති ආකාරයක් ගන්නා නිසා එසේ ශබ්දය දෝංකාර දෙන බව පේනවා.

    xeaLBKN.jpg

    බෙරගහන ඇල්ල ජලය අඩු කාලයක-Hiking Srilanka fb page

    කබරගල ඇල්ල, ගෝනපිටිය ඇල්ල වගේ තවත් දියඇලි රාශියක් මන්දාරම් නුවර අවට පරිසරය සුන්දර කරනවා.

    NjzvYmw.jpg

    කබරගල ඇල්ල

    කොඩියඅරාගල​

    ගම්මානය පිටුපසින් ප්‍රාකාරයක් සේ නැගී සිටින කඳුවැටිය කොඩියආරගල නමින් හඳුන්වනවා. එය ගමට දිස්වන්නේ මීමුරේ ලකේගල වගේ ත්‍රිකෝණාකාර හැඩයෙන්. එයට නැගීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මුර කුටියෙන් අවසර පත්‍රයක් ලබාගෙන පිවිසිය හැකියි.

    මේ කන්දේ සෘජු බෑවුම නිසාකන්ද නැගීම සහ බැසීම නම් දුෂ්කර වැඩක්. කූඩලු ගහනයත් වැඩියි.

    d43lqCF.jpg

    අවට කඳුකර වනාන්තර-tharakag.blogspot.com

    අවට පර්වත කූටවල බඹර වද බැඳ ඇති නිසා අධික ශබ්ද කිරීම්වලින් තොර ව පරිරිස්සමින් ගමන් කළ යුතු වෙනවා. මෙහි උප කඳුකර වනාන්තර මෙන් ම වගා කර අත්හැරි මුඩුබිම් ද දැකගත හැකි යි.

    කොල්ලන්ගල​

    FTdjqlk.jpg

    මේ මන්දාරම් නුවර පිහිටි කන්දක ඇති පර්වතයක්. එහි මිනිස් රූපයක් කොටා තිබෙන බවට ගැමියන් විශ්වාස කරන නිසා තමයි ඒ නමින් හඳුන්වන්නේ. එය නිධානයක් පෙන්වන ලකුණක් සේ ගැමියන් පැවසුවත් අපට නම් පෙනෙන්නේ මෙය ස්වභාවික ව ගලේ පතුරු ගැලවීම නිසා ඇතිවූ සලකුණක් බව යි.

    මූලාශ්‍ර:
    මන්දාරම් පුර පුවත, සංස්. ලබුගම ලංකානන්ද හිමි, සංස්කෘතික කටයුතු දෙපා.
    Silumina.lk
    Dinamina.l
    බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන
    චායාරුප අන්තර්ජාලයෙනි
    සොඳුරු ඉසව්වක චමත්කාරය - twitter.com/ yaman travels
     
    Last edited:

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    775
    1,732
    93
    මේ ලඟදි රාගල පැත්තට ගියා, තව පොඩ්ඩක් ගියා නම් මන්දාරම් නුවරට යන්නත් තිබ්බා :(:( ආයි පුළුවන් වෙච්ච වෙලාවක අනිවාර්යෙන්ම යන්න බලන්න ඕනේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,927

    ලංකවේ උන් ගිහිල්ලා හාන්න කලින් යන එකෙක් ගිහින් එන්න. Little Adam's Peak වලට වුන දේ වෙන්නේ. Foreign උන් විතරක් යන කාලේ හොඳට තිබ්බ ඒක. ලංකාවේ උන් ගිහින් හාල විනාස කරා පස්සේ.