නෝලන්ගේ ඔඩිසිය ගැන පොඩි සටහනක්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,930
    9,427
    113
    මේ චිත්‍රපටිය බලපු තුන්වෙනි වතාව. චිත්‍රපටියෙ මූලික හරය හෝමර්ගෙ ඔඩිසියට වසාගෙන නෝලන්ගෙ ඔඩිසිය මතුවීම නෝට් කිරීම බව කලින් පෝස්ට් එකක ලිව්වා. ඒ ගැන තවදුරටත් අදහසක්.



    ක්‍රිස්ටෝෆර් නෝලන් යනු බ්‍රිතාන්‍ය සංරක්ෂණවාදියෙකි. ඇමරිකන් සංරක්ෂණවාදියෙක්ට වඩා බ්‍රිතාන්‍ය සංරක්ෂණවාදියා ක්ලැසික් ප්‍රපංචයකි, ඇමරිකානු සං‍රක්ෂණවාදියාට වඩා මොහු සංකීර්ණය. එහෙත් බ්‍රිතාන්‍යයත් ඉරාක යුද්ධයට සහභාගී වීමට තීරණය කළේය. බ්‍රිතාන්‍යය වත්මන් ඉරාන යුද්ධයට සක්‍රියව සහභාගී නොවේ, එතනින් ඉර අඳියි. කොහොම නමුත් නෝලන් තමන්ගේ දේශපාලනික අදහස් ඉතා අවංකව චිත්‍රපටි වලින් පෙන්නා ඇති නිසා නෝලන්ගේ සිනෙමැටික්/දේශපාලනික ඔඩිසිය සිදුවූ ආකාරය ගැන රළු අදහසක් ගත හැක.


    නෝලන්ගේ ඔඩිසිය - 2020 ට පෙර

    නෝලන් යනු මුලින් සිනමාවේ ව්‍යුහාත්මක වෙනස් කම් සහ ගිමික් වැඩ කෑලි කිරීමෙ උනන්දුවෙන් චිත්‍රපටි කීපයක් කරමින් ඉඳ මැදකින් දැඩි දේශපාලනික චිත්‍රපටි තුනක් කරන්නට පටන් ගත්ත කෙනෙකි. ඒ බැට්මෑන් කතා ත්‍රිත්වයයි. මෙයිනුත් වඩාත් වැදගත් Batman Begins (2005) සහ The Dark Knight (2008) යි. නෝලන් මේ සමයේදී කරන්නේ බැට්මෑන් කොමික් මාධ්‍යයක් කරගෙන බාහිර උවදුරු හමුවේ ලිබරල් ඩිමොක්‍රසියක් මුහුණපාන සංකීර්ණත්වයන් ගැන සාකච්ජාවක් කිරීමයි. මෙහි දේශපාලන දර්ශනය මෙසේ සාරාංශ කල හැක:

    ප්‍රබන්ධ බටහිර පුරවරයක් වන ගොතම් නගරයේ අහිංසක මිනිස්සු සිටිති. මේ මිනිස්සුන්ගේ සාමයට බාධා කරන villain ලා වරින් වර මතුවෙයි. ඒවා සමඟ සංස්තාපිත ආරක්ෂක අංශ සහ නීතියට පිටින් Batman යුක්තිය වෙනුවෙන් පෙනී සිටියි. මේ චිත්‍රපටි හැදෙන පශ්චාත් 9/11 සමාජ වටපිටාවේ පසුබිමේ ඇත්තේ war on terror සහ බටහිර විරෝධී ඉස්ලාම් මූලදර්මවාදයයි. Raz-Al-Gul ලෝකයේ බල දේශපාලනය කෙලසීමේ අපකේන්ද්‍රය ලෙස ගොතම් නගරය හඳුනා ගන්නා අතර නගරය විනාශ කිරීමට විශ වායුවක් පාවිච්චි කරයි. ජෝකර් ව පොලිසිය විසින් Batman ලවා වද දෙන දෙන සිද්ධිය Abu Ghraib waterboarding සහ ඇමරිකානු වදකාගාර මාතෘකාව ගැන පැහැදිලි කිරීමකි. Joker ව සොයා ගැනීමට Wayne Industries රජය වෙනුවෙන් නිපදනවන surveillance tech පාවිච්චි කරන අතර Joker නැවතීමට නීත්‍යානුකූලව කටයුතු කල Harvey Dent බෝම්බයකට අසු විකෘති වීම නිසා උන්මත්තකයෙක් වී ඝාතන වැලක් කරයි. ජාතික රාජ්‍යයන් ත්‍රස්තවාදයට මුහුණදීමට ගොස් ප්‍රති-ත්‍රස්තවාදයේ මනෝභාවයන්ට ආරූඨ වෙන අයුරු ප්‍රධාන තේමාව වේ. මට දැනෙනා හැටියෙන් නෝලන් මේවා දකින්නේ නොවැලැක්විය හැකි, නොකර සිටිය නොහැකි දේවල් ලෙසයි.

    නෝලන් මේ කාලයේ ත්‍රස්තවාදය සහ බාහිර උවදුර කියවාගන්නේ කන්සර්වෙටිව් දෘග්ඨියට අනුව බව පෙනෙයි. ජෝකර් ගැන බිලියනපති Bruce Wayne ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඔහුගේ හිතවත් ආවතේවකරු වන Alfred කියන්නේ “සමහර මිනිස්සුන්ට අවශ්‍ය ලෝකය ගිනිගනු දැකීමට” බවයි. කතාව සරලයි. නෝලන් ත්‍රස්තවාදියා වටහා ගන්නා ආකාරය එසේය. ඒ අතර සැබෑ ලෝකයේ ඉරාකයේ ඇෆ්ගනිස්තානයේ මිනිස්සුන්ගේ හිස් මතට අධි තාක්ෂණික Wayne enterprises හි නිෂ්පාදිත යයි සැලකිය හැකි ආයුධ වලින් ගැසීමෙන් සිය දහස් ගණනක් මිනිස්සු මියයති. නෝලන්ගේ මේ චිත්‍රපටි ලොව පුරා හිට් වන්නේ එවන් පසුබිමකය. මේ චිත්‍රපටි අගය කෙරූ රසිකයන් නෝලන් කතා කරන දේශපාලනය කොයිතරම් දැක්කාද දන්නෙ නැත.

    2008 හි ක්‍රෑෂ් එක වූ පසුව නෝලන් එලියට දමන The Dark Knight Rises (2012 ) හි villain වන්නේ ආරාජිකවාදී Bane ය. Bane ගේ පසුබිම් කතාව Joker ට වඩා තාර්කික සහ සානුකම්පිත නමුත්, ඔහුද බලය ගත් පසු ඉතාම අතාර්කික දේ කරයි. මේ කාලයේ පිටත Occupy Wallstreet අරගල යන අතර, ප්‍රශ්නයේ රළු ඛණ්ඩාංක එහි ඇත. එහෙත් conservative ලාට ආවේණික සතුරු/මිතුරු, උස්/පහත් භේදයෙ ටෙම්ප්ලේට් මේ චිත්‍රපටයෙත් ඇත.

    මේ ත්‍රිත්වයෙන් පසුව එන්නේ නෝලන්ගේ Lotus eater පීරියඩ් එකයි. ඔබාමා ගේ දෙවනි දූර කාලය සහ ට්‍ර්ම්ප් සමඟ War on terror වල ගැටළුව මේ වන විට නෝලන්ට වැටහිය යුතු අතර ඔහු ඉන්පසු ඉතාම අදේශපාලනික චිත්‍රපට වලට හැරෙයි. Interstellar (2014) සහ Dunkirk (2017) ආදී සිනමාත්මකව ඉතාම ප්‍රශංසනීය නමුත් දේශපාලනිකව උදාසීන චිත්‍රපට කීපයක් කරයි. ඔහු දේශපාලනය අමතක කල ලෙසකි.


    නෝලන්ගේ ඔඩිසිය - 2020න් පසු

    නමුත් ඔහුට එකවරම දේශපාලනික ප්‍රකාශනය වෙනුවෙන් ඇති උවමනාව මතුවේ. Oppenheimer (2023) වල මෘදු ප්‍රවේශයක් දකින්නට ඇති අතර මෙහි කූටප්‍රාප්තිය නෝලන් නැවත ගෙදර පැමිණීමේ උවමනාවයි. ඒ සඳහා ඔහු තෝරාගන්නේ සහශ්‍ර තුනක් පමණ පැරනි කතාවක් වීම සිංහලෙන් කිව්වොත් masterstroke එකකි. නමුත් ඔහු මුල් කෘතියට ලෝයල් නොවේ, මට නම් චිත්‍රපටියෙ වැදගත්කමත් මෙයයි.

    ඇතීනා වරක් ඔඩීසියස් ගෙන් අසන ප්‍රශ්නයක් වන්නේ "ඇයි උඹට ගෙදර යන්න නොඋවමනා?" යන්නයි. සිය සගයන් සමඟ ගෙදර යාම වෙනුවෙන් නොයෙකුත් දුක් ගැහැට වලට මුහුණ පාමින් සිටින ඔඩ්සීයස් කෙනෙක් අප දකින නිසා මෙය අහතර බීරි කතාවකි. ඔඩීසියස් යනු බාහු බලයත් තියුනු ඥානයත් නිසා අති මහත් ආත්ම විශ්වාසයක් ඇති අයෙක් වන අතර ඔහු සාම ගිවිසුමක් සංකේතවත් කරන තෑග්ගක මුවාවෙන් තම සගයන් ට්‍රෝයි පුරවරයට ඇතුල් කරවා නගරය විනාශ කරයි, පුරවැසියන් ඝාතන කරයි. චිත්‍රපටිය අවසානයේ තම මහෞශද උපාය හේතුවෙන් ජන වර්ග අතර සාමය උදෙසා පවත්නා පූජනීය ගිවිසුමක් කඩ කල අයුරු තම බිරිඳ අසල හැඬූ කඳුලින් කියා සිටී. තම සගයන් හිස ගසා දැමූ ඇතීනා දෙවොලේ පූජකවරිය අප දකී. ඔඩීසියස් වෘතාන්තය පුරාවට කරන්නෙ දෙවියන්ගෙ නීතිය outsmart කිරීමට උත්සාහ කිරීමයි. අවසානයේ චිත්‍රපටයේ කැලිප්සෝ කියා සිටින්නේ ආපසු ගෙදර යාමේදි 'ගේම් ගැසීම' නවත්වන ලෙසයි, 'මූලධර්මය' ට මුහුන දෙන ලෙසයි. ඔඩීසියස් බිරිඳට පවසන පරිදි ඔහු ඇතුලු මයිසිනියානුවන්ගෙ ක්‍රියාවන් තම කලාපය ගිනිබත් කරමින් යන 'මුහුදු ගෝත්‍ර' වලට වෙනස් නොවන බවත් තමා කඩ කරන්නට දායක වූ සෝෂල් කන්ට්‍රැක්ට් එක කලාපයෙ වියවුලට හේතුවක් වූ බවත් ය. මේ ගැන තමා තුල ඇති පශ්චත්තාපය සමඟ සම්මුඛ වීම ඔඩීසියස් ගෙ homecoming එක වේ.

    Agamemnon සිය යුද්ධය දිනා රජවාසලට ආවද, සිය බිරිය අතින් ඝාතනය වේ. යුද්ධ ජය පතා සිය දියණිය බිලි දීම මීට හේතුවයි. බිල්ලක සඵලතාව බිලි දෙන ජීවියාගෙ අහිංසක කම උඩ තීරනය වෙන බව ඔවුන් කියන අතර Agamemnon පරිවාර රාජ්‍යයන්ගේ වෙලඳාම අඩාල කිරීමට කරන යුද්ධ වෙනුවෙන් සිය දියණීය වුවද බිලි දීමට නොපසුබට වන අයෙකි. නෝලන්ගේ Agamemnon බැට්මෑන් ලෙස හැඟෙන සේ නිරූපණය කිරීම ද අහම්බයක් නොවන බව සිතෙයි. මේ ගැන වෙනම කතා කල හැක. Agamemnon = Batman = machine. මේ නෝලන් සිනමාකරුවෙක් ලෙස මුල් සමයේ ජාතික රාජ්‍යයන් සහ ඉම්පීරියලිසම් ගැන හිතූ දේ ගැන කරන පසු විපරමක් වේ.

    මුලින් චිත්‍රපටියට එල්ල උන චෝදනාවක් වන්නේ මෙය හෝමර්ගේ ඔඩිසිය කෙලෙසා ඇති බවකි. නෝලන්ගේ ඔඩිසිය මුල් කෘතියට සමාන නොවන අතර නෝලන්ට ඩො.මි. සිය ගනනක් පුච්චා සරළමිතික ලෝයල් ප්‍රතිනිර්මාණයක් කිරීමෙ උවමනාවක් කවදාවත් තිබුනා කියා මට සිතෙන්නේ නැත (මුල් කෘතියෙ රසය අවශ්‍ය නම් පොත කියවිය හැක). මේ චෝදනා ව එල්ල කරන්නේ කතාකාරයාගෙ උවමනාව පටලා ගත් අය විය හැකි වන අතර මේ ඔහුගේ පෙර චිත්‍රපටිවල රූප වලින් ඇස් නිලංකාරව සිටින ඔහුගේම lotus eater රසික ප්‍රජාව යයි සිතමි.
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,438
    6,284
    113
    හෑල්ල දිග වැඩී බන්. කෙටියෙන් කියපන් මොකක්ද කේස් එක? 🙃
     
    • Like
    Reactions: elajani

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,970
    10,178
    113
    ගම මහනුවරයි - Nicaragua
    3 parak balanna tharam eke monawada ban tibbe
    shocked cat GIF
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,926
    1
    15,431
    113
    කලින් සතියක tv එකේ troy බලලා ඒ ගැම්මට මේ weekend එකේ Odyssey 1997 එකක් 2026 එකයි දෙකම බැලුවා. Wifa තමයි වදෙන් පොරෙන් ඕක බලන්න ඕනමයි කිව්වේ.

    මට නම් සෙට් උනේ 1997 එක. (මන් කලින් බලලා තිබුණා ඕක).

    2026 එකේ අර අන්තිමට දුන්න string කරලා thump කරාම අරුන් ටික ගැස්සිලා යන සීන් එක නම් පට්ට. ඊට වඩා දෙයක් නම් මට සෙට් උනේ නෑ.

    1997 එකේ හරි magical ගතියක් තිබුණා අනික 2026 එකේ ගෑනු ටික අඟුරු කරලා මළ රෙද්දයි ගූ70යි

     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,930
    9,427
    113
    කලින් සතියක tv එකේ troy බලලා ඒ ගැම්මට මේ weekend එකේ Odyssey 1997 එකක් 2026 එකයි දෙකම බැලුවා. Wifa තමයි වදෙන් පොරෙන් ඕක බලන්න ඕනමයි කිව්වේ.

    මට නම් සෙට් උනේ 1997 එක. (මන් කලින් බලලා තිබුණා ඕක).

    2026 එකේ අර අන්තිමට දුන්න string කරලා thump කරාම අරුන් ටික ගැස්සිලා යන සීන් එක නම් පට්ට. ඊට වඩා දෙයක් නම් මට සෙට් උනේ නෑ.

    1997 එකේ හරි magical ගතියක් තිබුණා අනික 2026 එකේ ගෑනු ටික අඟුරු කරලා මළ රෙද්දයි ගූ70යි



    සරළ අවංක ඇඩැප්ටේෂන් අතින් බැලුවොත් මන් කැමතිම එකත් ඔය අනූ හතේ එක. ඕක රිලීස් උනේ ටීවී මූවි එකක් විදිහට. අර ලෝ බජට් ඉතාලි චිත්‍රපටි වල තියෙන හියුමර් එක තියෙනව, හෙනම සනීපෙට බලන්න පුලුවන් එකක්. ඒකෙ හැබැයි කතාව කියන්නෙ ක්‍රොනලොජියෙ පිලිවෙලට, ඒ නිසා මුල් කතාවෙ ව්‍යුහයම නෙවේ.

    2026 චිත්‍රපටිය වෙනම රීතියකින් හැදුන එකක්. නැරටිව් උවමනාවත් සම්පූර්ණයෙන් වෙනස් සහ හයිලි පර්සනල්. වැඩේ වැදගත්කම එන්නෙ බටහිර දේශපාලනයෙ සහ අදාල චිත්‍රපටිකාරයගෙ පරන වැඩ වල කන්ටෙක්ස්ට් එකේ තියල බලද්දි, ඒ නිසා හෙනම hit or miss ප්‍රේක්ෂකාගාරයට (මට නම් වැදුනා බිග් ටයිම්). මැජිකල් බව නැත්තෙ අපි ඔය මිතලොජි වලට බාහිරින් තියල කතා කරන historicity ගැන පන්ඩිතමානී කතා ටික මූ ෆිල්ම් එකේ ඇතුලට ගෙනල්ල තියෙන නිසා (ඔය වගේ දෙයක් ජැක්සන් කලා අබා වලදි). ඒ නිසා වෙලා තියෙන්නෙ මුල් කතාවෙ ස්පිරිට් එක මරලා චිත්‍රපටිකාරයගෙ දෙවනි ස්පිරිට් එකක් අරක් ගැනීම. එක අතකින් මුල් කතාවට ලොකු හානියක්. වැඩේ කියන්නෙ මාත් ඇතුලුව අපි සමහරක් ඒ දෙවනි එකට කැමතියි හෝමරික් එපික් එක තරමට!
     
    Last edited:
    • Like
    Reactions: Voltage