හිච්චි නගේ //
පි) හිච්චි නගේ බාලේ හිඳ හැංගිහොරා
ගැ) ළපටි සිතින් මට මතකයි විහිළු කලා
පි) හිතට හොරා මල් පිපුනා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා
හිච්චි නගේ //
ගැ) කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ
ගම් පියසේ මං හිටියේ විලංගුවේ
පි) රෑ යාමේ හමු වී මට දෙවොල් පලේ
ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ
හිච්චි නගේ //
ගැ) දුරස් වෙලා හිටියත් නුඹ කොළොම්පුරේ
හද සුවඳයි රැඳුනේ ලඟ නිරන්තරේ
පි) හරස් වෙලා හැමදෙනාම කිමද නගේ
ඔබෙයි මගෙයි ආදර ලොව පළුදු කලේ
හිච්චි නගේ //
(ඕකෙ ඉන්න හොරා කවුද ?)