මචන්, බොහොම කණගාටුදායක තත්වයක්. අර කිරි අම්ම කියන දේවතාවිය එයාගේ ජීවිතෙන් ලෙයින් මසින් කොටසක් කැපකරලා ලොකු මහත් කරලා උබට දීපු ජීවිතේ ඔය විදිහට නැති නාස්ති කරගන්න හදන එක.
ඒ වගේ ආත්මාර්ථකාමී කමක් මම ජීවිතේට දැකල නෑ.
උබ විතරක් නෙවෙයිනේ ලෝකේ බූට් කාල තියෙන්නේ, දුක් විදලා තියෙන්නේ. අපි නොකිව්වට අපිත් එහෙම තමයි. මගේ ජිවිතේ විදලා තියන දුක් කිව්වොත් උබ අඩයි.
උබ සිරාවටම කොල්ලෙක් නම් උබේ ජීවිතේ උබට අයිති නෑ. උබට තනි තීරණයක් ගන්න කිසිම අයිතියක් නෑ. උබ වෙනුවෙන් කදුළු හලපු එක මනුස්සයෙක් හරි මේ ලෝකේ ඉන්නවා.
ඒ නිසා උබට උබට තනි තීරණයක් ගන්න කිසිම අයිතියක් නෑ
මම මේ ටික කිව්වේ බොක්කෙන්ම. උදේ පාන්දර 6.30 ට ඇස් දෙකට කදුලක් පුරෝගෙන. ප්ලීස් මචන්. ආයේ හිතල බලපන්.