යකාවෙච්චි, කෙල්ලගෙන් ඒකිගෙ යාලුවො අහනවා. අම්මපා, බස්සෙකෙන් පනින්න පුළුවන් නම් මං පනිනවා. මිනිස්සු පිරිලා හින්දා ඒක කරන්න බෑ.
“මෙ.. මේ.. ම.. මට.. ස.. සමාවෙන්න නංගි.. ම.. මං.. හිතලා කරපු දෙයක් නෙමේ..”
ඒකිගෙ බොක්ක කූල් වෙලා යන විදියට බලලා මං කිව්වා. දැන් ෂේප් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ..
“හර්ෂි.. මොකද බං උඹ ඒ බෝයිට බැන්නෙ.. එයා හිතල කරපු දෙයක් නෙමේනේ..”
යකාවෙලා මට බැන්න කෙල්ලට ඒකිගෙ ළඟම කෙල්ල කිව්වා. ඒකි දිහා බලන්නත් මට බයයි වගේ. ඒක හින්දා මං ප්රශාන් දිහා බැලුවා. ඔක්කොම ෂේප් කියලා හිතුවට, ඌ වයින් වෙලා කියලා මට තේරුණා.