නෑ බං.. ඉස්සර ඉඳන් ඒකි මට කැමැත්තෙන් වගේ හිටියෙ.. වැඩ කරන වෙලාවටත් ඇවිත් වැඩක් කරන්න නොදී කතාවට අල්ලගන්නවා.. ඒත් මං ඒකිට කැමති නෑ පොඩ්ඩක්වත්.. ඒකි මට හරියන්නෑ බං.. ඒකි ලස්සනත් වැඩියි.. පෙරේදා ඒකි ඔෆිස් එකට ආවා.. මාගේ රූම් එකට ආවම මං කිව්වා නංගි මං බිසී දැන් යන්න කියලා..
ඒකි ගියේ නෑ. අඬන්න ගත්තා.. අඩ අඩ කිව්වා.. අයියා මට අකමැති මං ලස්සන නැති නිසාද..? එහෙමත් නැත්තං මං ඔයාව අර කෙල්ල වගේ දාලා යයි කියලා හිතලද..? එහෙමත් නැත්තං මගේ මොකක් හරි වැරැද්දක් නිසාද..?
ඔහොම ඇහුවම මට කට උත්තර නැති වුණා බං.. මං මුකුත් නොකියා හිටියා.. ආයෙම ඒකි කතා කරන්න ගත්තා හෙන ගහන්න වගේ..
මං ඔයා නිසා අවුරුදු දෙකක් බලන් හිටියා.. දැන් ආදරේ කියයි දැන් ආදරේ කියයි කියලා හිතලා.. ඔයා මං එන හැම වෙලාවකම මාව මඟඅරිනවා.. මාව එපා නම් කියන්න.. මං ආයෙ ඔයාගෙ මූනවත් බලන්න එන්නෑ.. කිව්වා..
ඔහොම කියලා අඬ අඬම යන්න ගියා.. වැඩ කරන කොල්ලොත් දැක්කා.. ඒකිගෙ තාත්තත් දැක්කා.. තාත්තා (බොසා) ඇහුවා ඇයි කියලා.. මං කිව්වා ජෝක් එකක් කලා කියලා.. ඌ දන්නවා දුව මට කැමැත්තෙන් ඉන්න බවත්, මං අකමැති බවත්.. ඕකයි සීන් එක..