ප්‍රේමකීර්ති - මරා දැමුණු යශෝ ගීතය...
මම ඇසීමි.,
අසමින් කල්පනා කලෙමි.,
අසා අවසන් වූ පසු හැඩීමි.,
පැය භාගයක්ම හැඩීමි.,
ඒ දුකට සහ සතුට යන දෙකටමය..
සතුටට කරුණ නම් ඔබ වන් පුද්ගලයෙකු මාගේ මිතුරෙකු වීමය.,
දුකට කරුණු නම් එවන් ශ්‍රේෂ්ට පුද්ගලයෙකු අප කාලයේ නොවීම සහ ඒ සොඳුරු මිනිසාට අත්වූ, අත් කරවනු ලැබූ ඒ ඛේදනීය ඉරණම දරාගත නොහැකි වීමය..
'ප්‍රේමකීර්ති - මරා දැමුණු යශෝ ගීතය 2' මා බලාපොරොත්තු වෙමිය., මා පමණක් නොව මෙහි සියල්ලන්ම එය බලාපොරොත්තු වනවා ඇතය..
තව කී වරක් මෙය අසන්නටදැයි සිතා ගත නොහැකිය., කෙසේ හෝ ඇති වනතුරු අසමිය..
මෙවන් වැඩසටහනක් අප වෙනුවෙන් කල ඔබට පින්ය..