මුතාලිෆ් යුධ හමුදා බුද්ධි අංශය සතුව සිටි විශිෂ්ඨ වැඩකරුවෙකි.1966 ජුලි 11වෙනි දින දින උපත ලැබූ මුතාලිෆ් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ අතර ඔහු , 1986 ජුනි 2දින ආධුනික කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදා සේවයට එක් වූයේය.දියතලාවේ පුහුණුව ලද මුතාලිෆ් මහතා අනතුරුව පකිස්ථානයේ ද පුහුණුවකට සහභාගි වී දෙවන ලුතිනන් වරයකු ලෙස නැවත මව් රටට පැමිණියේය.ඉන් පසු උතුරු නැගෙනහිර රාජකාරියට ගිය ඔහු එහි දැක්වූ විශිෂ්ඨ දස්කම් හේතුවෙන් යුධ හමුදා බුද්ධි ඒකකයට එක් විය.1992 දී කපිතාන් ධුරයට පත් වූ ඔහු වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බුද්ධි අංශයේ අණ දෙන නිලධාරියා ලෙසට ද පත් කෙරිණි.විශිෂ්ඨ හැකියාවන් පෙන්වූ නිසාම හේ බුද්ධි අංශය තුල නොමැකෙන සටහන් තැබීය.කොටි ත්‍රස්තයන් මේ හමුදා බුද්ධි අංශය නිර්මාණය කල දුර දිග විහිදුම් බලකායට අතිමහත් භීතියක් දැක්වීය.