රිදී පාට කල පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා
විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරි ඉතිරි ගිය බස් රථයේ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා
නොදැන ඔබ එදා මට බනින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
සදා කල්ම නොමියෙන රණවිරුවා මම වෙමි