JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හොඳට හෝ නරකට මිතුරාම හේතුවේ.
    තමාද තමාගේ හොඳම මිතුරා කියන බහට අවනත වෙයි. එය සාමාන්‍ය සිද්ධියකි. තම ඇසුරට හොඳ බුද්ධිමත් කෙනෙක් මිත්‍රත්වයට තෝරාගත යුත්තේ එම නිසාය. නුවණැත්තකු මිත්‍රත්වයට තෝරාගත් පුද්ගලයා කිසි විටෙකත් ජීවිතය වරද්දා ගන්නේ නැත. මොන තෝරා ගැනීම් හොදින්ම කළත් මිතුරා තෝරාගැනීම හරියට නොකළ හොත් සියල්ලම කම්මුතු වෙයි. හුදකලා ජීවිතය ගිහි ජීවිතයේදී එතරම් හොඳ දෙයක් නොවුණත් නුවණැති මිත්‍රයකු තම ඇසුරට හමුවන්නේ නැත්නම් ඒ තනිකම හොඳ යයි බුදු දහම උපදෙස් දී තිබේ.

    සාමාන්‍ය ගිහි ජීවිතය ගත කිරීමේදී ලෝක ප්‍රජාව සමාජය පිළිබඳව හිතන පතන ක්‍රමයක් තිබේ. මිත්‍රත්වය පිළිබඳවද එසේමය. නමුත් ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව සමාජය පිළිබඳව හිතන ආකාරයද මිත්‍රත්වය පිළිබඳව හිතන ආකාරය ද සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස්ය. මේ තුළින් කතාකරන්නට බලාපොරොත්තු වන්නේ මිත්‍රත්වය පිළිබඳව බෞද්ධ අදහස ගැබ් වූ කරුණු කාරණා කිහිපයකි.
    සාමාන්‍යයෙන් තමා කරන කියන දෙය අනුමත කරන තමාට උදව් උපකාර කරන පුද්ගලයා හොඳ මිත්‍රයා ලෙස බොහෝ අය සළකති. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මිත්‍රත්වය යනු බාහිර ක්‍රියාදාමයකට වඩා මානසික ක්‍රියා පද්ධතියක් බවය. එනිසා නියම මිතුරා හඳුනාගත හැක්කේ බාහිර ක්‍රියා කටයුතු වලින් පමණක්ම නොවේ. ඔහුගේ අභ්‍යන්තර සිතිවිලි ද ඒ සඳහා බලපානු ලබයි. සැබෑ මිතුරාගේ ස්වභාවය වන්නේ මූනිච්ඡාවට මිතුරු වෙස් ගැනීම නොව දීර්ඝ කාලීන වශයෙන් තම මිතුරා සහ මිත්‍රත්වය ආරක්‍ෂා කිරීමය. මිතුරාද සාමාන්‍ය කෙනකු නිසා ඔහු අතින් ද යම් යම් වැරැදි අඩුපාඩු සිදුවිය හැකිය. එබඳු අවස්ථාවලදී මිතුරාගේ වැරැද්ද අනුමත කිරීම කළණ මිතුරුගේ ගතිය නොවේ. කළණ මිතුරා මිතුරාගේ වුවද, වරද දුටු තැන , එය පෙන්වා දී නිවැරැදි අවවාද දෙයි. ඇතැම් විටෙක වරද දුටු තැන බැණ වදී. මිතුරා වුවද ඔහු එබඳු දෙයක් කරන්නේ මිත්‍රත්වය ආරක්‍ෂා කරගැනීම සඳහායි. මිතුරා කරන ක්‍රියාව වැරැදි සහ නිවැරැදි ලෙස හඳුනාගැනීමට නම් ඔහු බුද්ධිමත් කෙනෙකු විය යුතුය.
    ඔහුගේ බුද්ධිමත් කම නිසාම වරද නිවරද හදුනාගැනීමට හැකි වෙයි. හැම විට තම ඇසුරට තෝරාගත යුත්තේද තමාට වඩා කිසියම් වියත් බවක් සහිත පුද්ගලයන් ය. දැනුම් තේරුම් අඩු පුද්ගලයන් ඇසුරු කිරීම නිසා තමාට ද හානි පැමිණේ. තමා කතාබහ කරන, ගනුදෙනු කරන හැම පුද්ගලයකුම තමාගේ මිත්‍රයෝ නොවෙති. ඔවුහු සාමාන්‍ය සමාජයේ අයයි. සාමාජිකයකු හැටියට සමාජය තුළ යම් යම් හුවමාරු කිරීම් වල දී ඒ ඒ පුද්ගලයා ඇසුරු කරන්නට සිදුවෙයි. එසේ ඇසුරු කරන හැම පුද්ගලයකුට තම මිත්‍රයන් හැටියට සැළකීම සුදුසු නොවේ. කලක් එසේ ඇසුරු කිරීම තුළ සිදුවන දැනහැඳුනුම් කම් මත ඇතැම් විට මිත්‍රත්වයට තෝරා ගත හැකිය. නමුත් තමා තම මිතුරා ඇසුරට තෝරාගනු ලබන්නේ ඔහුගෙන් තමන්ට ලැබෙන කිසියම් ලාභ අපේක්‍ෂාවන් නිසා පමණක්ම නම් එම ඇසුර කළණ මිතුරු ඇසුරක් වන්නේ නැත. ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා අරමුණු කරගෙන බැඳෙන ඇසුර කළණ මිතුරු ඇසුරක් නොව භෞතිකත්වය හා බැදුණු එකකි. එබඳු අවස්ථා සමාජයේ කොතෙකුත් ඇත. ඒවා මිත්‍රත්වය නොවේ.
    ඒ ඒ බැඳීම් මිතුරු බැඳීම් නොවේ. වෙනස් මානසික අවශ්‍යතාවයන්ය. ලාභ, ප්‍රයෝජන,කීර්ති, ප්‍රසංශා වැනි ළාමක අවශ්‍යතා සහ අපේක්‍ෂා සඳහා මිත්‍රත්වය නොගත යුතුය. එයට හේතුව අප සමාජයේ බොහෝ අය මිත්‍රත්වයත් මෙබඳු ළාමක අදහසුත් කළවම් කරගෙන මිත්‍රත්වයද අපිළිවෙල කර තිබේ. ඇසුරට ගත යුතු මිතුරා බුදුදහමෙහි හඳුන්වා ඇත්තේ “මේධාවි” යන පාලි වචනයෙන් ය. එම වචනයේ තේරුම නුවණැත්තා යනුයි. නුවණැත්තා යන වචනයද තවදුරටත් විග්‍රහ කළ යුතුය. කෙනෙකුට නුවණැති බව ඇතිවීමෙහි ලා බලපානු ලබන ප්‍රධාන සාධක දෙකකි. එනම් ජන්මීය ලක්‍ෂණ හා පාරිසරික සාධකයි.
    ජන්මීය ලක්‍ෂණ යනු දෙමාපිය ජාන ශක්තීන් තුළින් සංසාර ගත ප්‍රඥාව මනසෙහි වර්ධනය වීමයි. ජීවත්වීම පාරිසරික අත්දැකීම් තුළින් සමාජයේ වැඩ කිරීම් තුළින් ලබන ජීවන අත්දැකීම් සමූහය පාරිසරික සාධකයි. කෙනෙකුගේ නුවණැති බව ආරමය ලක්‍ෂණයක් ලෙස ජන්මයෙන් අරගෙන ආවත් එය වඩාත් හොඳීන් මුහුකුරා යන්නේ ජීවන අත්දැකීම් තුළින්ය. මෙම විධි ක්‍රම දෙකෙන් කෙනෙකුගේ නුවණැති බව පරිපූර්ණ වේ. බුදු දහමෙහි මේධාවි යන වචනයෙන් හඳුන්වනු ලබන්නේ එයයි.
    බුදු දහමෙහි උගන්වනු ලබන්නේ සමාජයේ ගනුදෙනු කරන්නට ලැබෙන, කතාබහ කරන්නට සිදුවන සියලුම දෙනා මිතුරන් ලෙස සැළකිය නොහැකි බවය. සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස හැම කෙනකු සමඟම සුහදව කතාබහ කළ යුතු නමුත් ඔවුන් හැම කෙනකුම මිත්‍රත්වයෙන් පිළිගත යුතු නැත. මිත්‍රත්වය යනු සමාජයේ උතුම්ම සම්බන්ධතාවයකි. පාරම්පරික හෝ නෛතික හෝ කිසිදු අයිතිවාසිකමක් මිත්‍රත්වය අතර නැත. එසේ කිසිදු අයිතියක් නොමැති වුවත් පුද්ගලයකුට පුද්ගල ජීවිතයකට දැඩි බලපෑමක් කරනු ලබන්නේ සම වයස් කණ්ඩායම් හෙවත් තම මිතුරන්ය. හොඳට හෝ නරකට මිතුරාම හේතුවේ.තමාද තමාගේ හොඳම මිතුරා කියන බහට අවනත වෙයි. එය සාමාන්‍ය සිද්ධියකි. තම ඇසුරට හොඳ බුද්ධිමත් කෙනෙක් මිත්‍රත්වයට තෝරාගත යුත්තේ එම නිසාය. නුවණැත්තකු මිත්‍රත්වයට තෝරාගත් පුද්ගලයා කිසි විටෙකත් ජීවිතය වරද්දා ගන්නේ නැත. මොන තෝරා ගැනීම් හොදින්ම කළත් මිතුරා තෝරාගැනීම හරියට නොකළ හොත් සියල්ලම කම්මුතු වෙයි. හුදකලා ජීවිතය ගිහි ජීවිතයේදී එතරම් හොඳ දෙයක් නොවුණත් නුවණැති මිත්‍රයකු තම ඇසුරට හමුවන්නේ නැත්නම් ඒ තනිකම හොඳ යයි බුදු දහම උපදෙස් දී තිබේ.
    පුද්ගලයකු ලෙස සමාජයේ දියුණුවක් ලැබීමට බලාපොරොත්තු වන කෙනකු විසින් අනුවන පුද්ගලයන් හා ඇසුරෙන් දුරුවිය යුතු වා (අසෙවනාච බාලානං) මෙන්ම නුවණැත්තන් ගේ ඇසුර (පණ්ඩිතානංච සේවනා) වඩා වර්ධනය කරගත යුතුය. දියුණු වන පුද්ගලයා විසින් වැඩිය යුතු ගුණ දහම් අතර මිතුරු බව පිළිබඳව කරුණු දෙකක් මෙහි එකතැන දක්වා තිබේ. එනම් අනුවණ මිතුරු ඇසුරෙන් වැළකීම සහ නුවණැති මිතුරු ඇසුරෙහි යෙදීම යනුයි. මින් පැහැදිළි වන්නේ මිත්‍රත්වය යන සංකල්පය මානසික ක්‍රියාවලියක් බවය. පුද්ගලයා තෝරා බේරා ගැනීමට සුදුසු නුසුදුසු බව හඳුනාගැනීමට තමන්ගේද මානසික ශක්තිය ප්‍රබල විය යුතු බවය. තමා බරපතළ අනුවණයෙක් නම් තමාට කවදාවත් උතුම් මිතුරු ඇසුරක් ලබාගත හැකි වේද? උතුම් මිතුරු ඇසුරක් ලැබුවත් ඒ අය සමඟ පෑහෙන්නට පුළුවන් වේද යන ගැටලුවයි.
    බුදුරජාණන් වහන්සේ මෙහි කරුණු කාරණා පැහැදිළි කරනු ලැබුවේ “රාධ” නමැති භික්‍ෂූන් වහන්සේ අරභයායි. “රාධ” හිමියන්ගේ මව්පියන් බොහෝ ධනවත්ව සිට දිළිඳු බවට පත් වුණද, රාධ කුඩා කාලයේ සිටම තරමක් සැප පහසුකම් මැද ජීවත් විය.නමුත් කුඩා කාලයේ සිටම ඔහු යහපත් ගතිගුණ පිරුණු කෙනකු ලෙස සමාජයේ ජීවත්වේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුන රාධ තරුණයා වෙහෙරට පැමිණ බණ පොත් හදාරා පැවිද්ද ලබා ගැනීමට කැමැත්ත පළකර ඇත.මෙම තරුණයාට රහත්වීමේ පින් මහිමය පවත්නා බව දත් බුදුරජාණන් වහන්සේ ඔහු පැවිදි කිරීම සඳහා සැරියුත් හිමියන්ට බාර කරනු ලැබූහ. අනතුරුව සැරියුත් මහ රහතන් වහන්සේ “රාධ” පැවිදි කරනු ලැබීය. නිරතුරුව ගුරු ගෞරවයෙන් යුතුව බණ දහම් වැඩූ “රාධ” පසුකාලීව රහත් විය. එය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ වරද දැක වරද දුටු තැන එයට නිගා කොට සුදුසු පරිදි නිවැරැදි අවවාද දෙන කළණ මිතුරකු ලැබීම නිධන් තිබූ තැන් කියා පෙන්වන්නකු සේ සැළකිය යුතු බව දේශනා කොට වදාළහ.
    කල්‍යාණ මිත්‍රත්වය යනු කිසියම් පුද්ගලයෙකු තුළ කිසියම් කාලයක් තුළ පවතින කිසියම් යහපත් ගති-ස්වභාවයන්ගේ එකතුවක් බවයි. අප පුරුදු විය යුත්තේ පුද්ගලයන් ඇසුරු කිරීමට නොව, පුද්ගලයන් තුළ ඇති යහපත් ගති-ස්වභාවයන් ඇසුරු කිරීමටයි.
    ඇයි බං එකම කියවන්නෙ. ෆ්‍රෙන්ඩ්ෂිප් එකටනෙ කතා කළේ.
    ඉතින් මට පාංද :P අපෙ කිව්වෙ තෝ මේ අයිඩි එක සමූහවසයෙන්ද පාවිච්චිකරන්නෙ:rofl:

    එල එල:cool:
    උපරිම වේදනාවෙන් :sorry: තාම ඉපදෙන ළමයින්ට විතරයි සහෝ AIDS වලට බෙහෙත් හොයාගන තියෙන්නෙ. ඉක්මනටම ඔයාලාට්ත් හොයාගනී. දුක් නොවනු :sorry:
  • Loading…
  • Loading…
  • Loading…