කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනාසෙ වන සැපතා //
උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ
මරණයක් කොටා ඇත නළලේ //
මරණයක් ඇයිද මේ කෙටුවේ
මහබඹා මනු සතා නළලේ
කවාලා විළඳ ජාති...
කිරෙන් කා තෙලෙන් අත සෝදා
අපේ මේ ජීවිතේ රකිනා
දුවන්නේ සිරැරු කූඩුව
මෙහි තබාලා ආව දා මරුවා