උදේ ඉදන් වහිනව. රෑ වෙලා නැවතුනා.
අර පිහියෙන් අනපු කෙල්ලද?
අනේ මන්ද 13 වයස... රක්ෂිත බන්ධනාගාරේ ඉන්න උන් හොඳට සැලකුවත් හොඳයි. නැත්තන් ඉතින් දුකක් තමා.
ඒ වයසෙ ළමයෙක් ඔහොම වෙනවා කියන්නෙ දෙමව්පියන්ගෙ වැරැද්ද.
හරි තේරුමක් තියෙන ළමා කාලයක් හම්බ වෙච්ච කෙනෙක්ට උනත් දෙයක් හරියට තේරුම් ගන්න අවුරුදු 16ක්වත් ඕනේ අඩුම. අවුරුදු 20ක් වගේ උනාම තමා ටිකක් ඇට්ටර වෙන්නෙ. 24,25 වෙනකොට තමා තනියම උනත් ඉන්න පුළුවන් විදියට හැදෙන්නෙ. මම කිව්වෙ කොල්ලො හදන මට්ටමෙන්. ගොඩක් කෙල්ලො හදන මට්ටමෙන් නෙමෙයි. උයා ඒක වෙනස් කරගන්න.
මොක උනත් පව් කෙල්ල. ළමයි හැදුවම ළමයි අතර වෛරයක් ඇති කරන්න හොඳ නෑ කවදාවත්.
මම නං බැඳලා නෑ තාම. ඒත් කියන්නෙ ඉතින් මට තේරෙන දේ. මගෙ ළමා කාලය ගෙවූනු විදිය ගැන හිතල.
මමයි අපේ අයියයි ගැන හිතල.....
කෙල්ල පව් මොක උනත්. ඒකිට හොඳ මානසික අධ්‍යාපනයක් දුන්න නං හොඳයි හිරේ යවල පිස්සෙක් නොකර.