මේ අශ්මි ඇන්ටි

මම බිත්තර ඔම්ලට් දාන අලුත් විදියක් හොයා ගත්ත.

මුලින්ම අල ගොඩක් හීනියට කපල තෙලේ ටිකක් බැදෙන්න දෙනව, ඊට පස්සෙ ඒක රන්වන් පාට වෙනකොට සුදු ලූනු බික් 3ක් විතර පොඩියට කපල අල mixer එකට දාල තෙම්පරාදු වෙන්න කොට පොඩියට කපපු ලූනු ටික දාල හොදට mix කරනව. mixer එක හොදට තෙම්පරාදු වෙන කොට උම්බලකඩ ටිකක් දාල ඒකට ලුනු කුඩුයි මිරිස් කුඩුයි දානව, දාල පස්සෙ ටිකක් හොදට පෙරලලා beat කරපු බිත්තරයක් හෝ 2ක් දාල ඒත් එක්කම ලුනු කුඩුයි ගම්මිරිසුයි දාල තක්කාලි sauce පොඩ්ඩක් උඩින් හලලා මූඩියකින් වහනව.

උඩ හරිය gel වගේ වෙනකොට ලිපෙන් බානව. මේ විදියට හදල පොඩ්ඩක් බලන්නකො,

මේකට ඕන්නං cheese වගේ දෙයකුත් use කරන්න පුලුවං