ඇද ගෙන නානවා .....හෝද හෝද මඩේ දානවා.....අහක යන නය් රෙද්ද අස්සේ දාගන්නවා....තණකොළ කපන්න කිතුල් ගහේ නගිනවා....වල් ඌරො කැකුණ තලනවා හබන් කුකුලෝ මගුල් නටනවා....සමහරු බළල්ලු ලවා කොස් ඇට බාවනවා .....සමහරුන්ට කලකදී වහ රස වෙනවා ....පණ්ඩිතයෝ ඒදණ්ඩේ යනවා, කූඹි යන හිල් වහනවා, අලි යන මං පාදනවා ....එළ හරකය් මී හරකය් එකට සීසානවා....එළ හරකා ගොඩට අදිනවා ...මී .උපාසක බළල්ලු මීයෝ දෙන්න ගානේ අල්ලනවා....උන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් ....ඉතින් උන් විදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනවා.....උඩ බලාගෙන කෙල ගහනවා.හොරාට කලින් කෙහෙල් කැනත් වැට පනිනවා....පුහුල් හොරාගේ කර පිහිදානවා .. .ඊට පස්සේ හොරාගේ අම්මගෙන් පේන අහනවා .එතකොට දී කිරට බළල්ලු සාක්කි දෙනවා.නඩුය් බඩුය් දෙකම හාමුදුරුවන්ගේලු ...අන්තිමට කළු මහත මුදලාලි අලියාට පාගල මරන්න කැකිල්ලේ රජතුමා තීන්දු කරනවා.පෙරකදෝරු මහත්තයට පින් දිදී ගොයන් කොලේට මුවා වෙලා වෙඩි තියපු එකා ගෙදර යනවා
ඒ විතරක් යෑ පිස්සු තද වෙලා මංඥ්ඥං ලියල වෝල් වල ගහනවා!
ඒ විතරක් යෑ පිස්සු තද වෙලා මංඥ්ඥං ලියල වෝල් වල ගහනවා!



