රනිල් මහත්තයා පාර්ලිමේන්තුවට ආපු හැම දවසකම භෝජනාගාරයට ඇවිත් පේස්ට්‍රීයක් කාලා තේ එකක් හරි බීලා යන පුරුද්දක් තිබුණා. පාර්ලිමේන්තු භෝජනාගාරය කියන්නේ ඕනෑම කෑමක් තියෙන තැනක්. තම රුචිය මත කියලා කෑම හදාගන්න පුළුවන් තැනක්. ඒත් රනිල් මහත්තය කෑම දිහා බලන්නේවත් නෑ. පෑගෙන වැලි කැට නොරිදෙන තරමට හිමීට භෝජනාගාරයට ඇවිත් මේසෙකට වාඩි වෙනවා. එතුමා භෝජනාගාරයට එනවා දකිනකොටම අපි ක්‍රියාත්මක වෙනවා. දවල් කෑමට ආවොත් එළවළු සුප් චුට්‌ටක් බීලා, එළවළු චුට්‌ටක් එක්‌ක පුංචි රෝස් චිකන් කෑල්ලක් කනවා. එයිට එහාට කෑමක් ගන්නේ නෑ. අතුරුපසට පලතුරු ටිකක් කනවා. ගස්‌ලබුවලට වැඩි කැමැත්තක් තිබුණා. රනිල් මහත්තයා භෝජනාගාරයට ආවොත් අනිවාර්යෙන්ම දෙහි වීදුරුවක් බොනවා. දෙහි බොන්න වේලාවක් අවේලාවක් තිබුණේ නෑ. හවස තේවලට භෝජනාගාරයට ආවොත් කෑවේ එළවළු ප්‍රේස්‌ටියක් විතරයි. එකෙනුත් කන්නේ භාගෙටත් අඩුවෙන්. තේ එකක් බොනවා එච්චරයි. සමහර දවස්‌වලට තේ එකක් විතරක්‌ම බීලා යන අවස්‌ථාත් තියෙනවා.