දම්රෝ එකෙන් ඔය advertise කරලා තියන්නේ ගෙවන්න දෙනකොට දෙන මිල. අත්පිට මුදලට ගන්නකොට 10% ක් අඩු කරනවා. ඒ වගේම අලෙවි නියෝජිතයන්ට දෙන්නේ තවත් අඩුවට. උන් තුන් හතර දෙනෙක් එකතුවෙලා එකවිඩේ ටීවී 200 ක විතර ඕඩරයක් දැම්මාම තව ලොකු ඩිස්කවුන්ට් එකක්, free issues එහෙම උන්ට හම්බෙනවා. ඒකයි උන් අඩුවට දෙන්නේ.