ඇදහිල්ල, විශ්වාසය,.....!
ඇදහිලි, විශ්වාස, පුද සිරිත් බුදු දහමේ අර්ථය සමඟ ගැළපෙන්නෙ නැහැ. බුදුරදුන්, ඇදහිල්ල, විශ්වාසය, භක්තිය පිටු දකිමින් ශ්රද්ධාව අගය කළා. නිවන් මගේ පිවිසුම ශ්රද්ධාවයි. බුදුබණ අසා සැදැහැ උපදවන්නා ශීල සමාධ්යාදී පිළිවෙත් මාර්ගයට පිවිසෙන හැටි පෙළ දහමෙහි සඳහන් වෙනවා...