1. tear

    පෙබරවාරි 14

    පෙබරවාරි 14 ආදරය (ස )මරන්න තව දිනක් ඇවිදින් ....... නෙතු අයා බැලූ එ'සඳ දැක ගතිමි.... අවශේෂ හැම දෙයම "ආදරය" විතරක්ම හැර....
  2. tear

    සිතිජ

    සිතිජ අප අසලින් පිය මැන ගිය ඇය සැබැවින්ම සුන්දර යුවතියක වූවාය. වත්සුණු නොතැවරූ ඒ වත කමලේ රැඳි අවිහිංසක පෙනුම නිසා ඒ සුන්දරත්වය තවත් ඔප වැටී තිබිනි. "අර ගර්ල් හරිම ලස්සනයි නේද .. තරූ.. " "ඔව් සිතිජ මාත් මේ එයා දිහා තමයි බලන් හිටියේ " ඇය අපේ දසුනින් ඈත් වන තුරුම අපි ඈ දෙස බලා උන්නෙමු. මදෙස...
  3. tear

    නිහඩ නෙතුයුග

    නිහඩ නෙතුයුග ලොවට රහසින් කථා කල ඔබේ නීල නෙතුයුග පෙර දිනේ හමු වෙලා අද නාඳුනන සේ මිලින වී ඇයි ගොළු වුනේ නිහඩ නිසසල හිස් නුවන් සන්තාපය ද මට ඉඟි කලේ නිරුත්තර මගේ දෑස් හින්ද ද ඒ නුවන් යුග ගොළු වුනේ
  4. tear

    නමක්...

    නමක්... ස්නේහයේ මහ සමුදුර නුඹයි ජීවිතේ මාහැඟි සම්පතත් නුඹයි විකුම් පා ජය හිමි නූ නිසයි දුරස් වී හිමි හුදෙකලාවයි
  5. tear

    මට පිටුපා..

    මට පිටුපා.. මට පිටුපා නුඹ ගිය ඒ හිමිදිරි උදයේ හිත හැඬුවා දුක රැඳුනා කඳුලක සිර වී ඇසට හොරා ඇහිපිය යට කඳුලැලි ඇහැරී කොපුල පුරා මැවූ රටා නෑ නුඹ දුටුවේ
  6. tear

    හමු (නො )වීම

    හමු (නො )වීම අවුරා බාධක පවුරු බැමි යලි හමු වෙන්න බැරි .. දින සති කාලය සෙමින් ගෙවී තෙවසරක්ම ගෙවුනු හැටි .. අප ගැන අපි තරමට දැන උන් හන්තානට පුදුම හිතී .. මෙනුවර හැර අප කොයිබ ගියේදැයි තව හිතනවා ඇති ...
  7. tear

    මඟ හැරුනු සුබ පැතුම

    මඟ හැරුනු සුබ පැතුම මඟ හැරුනු සුබ පැතුම නිමා කෙරුමට වසරක කටයුතු ඉසිඹුවක් නොලබාම ගෙවුනු දින කීපයක් නිසාම මඟ හැරුනු නව වසරේ සුබ පැතුම ප්‍රකම්පනය කල නිලයක බලයක්
  8. tear

    මගේ සඳ ඔබ….

    මගේ සඳ ඔබ…. සුපුන් සඳක් වගේ සුපෙම් හිතක් අරන් ඔබ පහන් වුනා මගෙ සිත් අහස පුරා සත්තමයි... මං සැනහුනා ඒ සඳ දියෙන් නැහැවී ඔබ මගේ සඳ වූදා.... ඔබ මගේ සඳ වූදා.... දින දින ගෙවී පුරපස ගෙවී අමාවක ආවා සිත් අහසම අඳුරු වුනා සිත රිදි රිදි.. දුක දැනි දැනී.. සත්තමයි... මං ඉකි ගසා හැඬුවා අමාවක ආවත්.. ඔබ මගෙම...
  9. tear

    ..........................

    ................... ගැරහුම් හිමිව... ඉවසුම් නැතිව... සැනසුම් සෙව්ව... අවසන් සුසුම... .................
  10. tear

    mobile

    Apple phone *(16GB) ekaka lankawe prices kohomada?
  11. tear

    කඳුළු සිත්තම

    කඳුළු සිත්තම පණ සේම සිත්තම් කල පෙම කඳුලින්ම සේදී ගියෙ කිම සොයා යන්නට ප්‍රේමයේ ඉම වාරු නෑ මට දැනේ සරතැස වැහි දිය වැටී පිපි මල් මත එහි පැහැය නොවෙනස් වී ඇත කඳුලින්ම සේදී පෙම් සිත සඟවා හිදී නොවෙනස් පෙම
  12. tear

    වාරණය

    වාරණය කැළඹී සිතුවිලි සයුර පුබුදුවා ලී නම් නිදා සිටි කවි සිත අමුණනු මිසක නේක පැදි හැඩ කර පලක් වේවිද දමා වාරණ
  13. tear

    පුංචි මල් කුමාරි

    පුංචි මල් කුමාරි පුංචි මල් කුමාරි දරන්නට බැරි තරම් හොවා ගෙන දෝතේ මල් ඒ නමුදු සිඟිති වත තවරගෙන සිනහ මල් යනෙ'න දන දකින මුත් නුඹේ මුවේ සිනා මල් දකින්නේ කවුරුන්ද නුඹෙ සිතේ කඳුලු මල් නෙලා මල් උදෑසන ගොසින් බැස කළල් දිය ගෙනා මල් පුද උන් නිවන් සුව පතන්නෙය පතා නොව නිවන් සුව...
  14. tear

    තරු කැටයක් වී

    තරු කැටයක් වී මා ගුවන් ගැබ දිදුල පුංචි තරු කැටයක්ය.. නුඹ පොළෝතලය සිඹි සියුම් වැලි කැටයක්ය.... ළංවුනත් අප පෙමින අදහා ගන්නට බැරිව.... උමතුවෙන්දැයි මෙමා විමසුවා විමති ලොව...
  15. tear

    අහිමි ජීවිතය

    අහිමි ජීවිතය සදාකාලික කඳුල දී ඔබ වෙන්ව යනවා නම්.... පැතූ පැතුමන් දෑස් අද්දර බිඳී විසිරී නම්.......... දිවි දෙවැනි කර පිදූ සෙනෙහේ නුඹට නොදැනී නම්..... හෙටක් නැති ජීවිතේ ඇයි මට...
  16. tear

    අරුම පෙම

    අරුම පෙම සිත මියැදී....... පෙම නොමැරී..... කිම අරුමේ........ මට නොදැනේ..........
  17. tear

    මිලින සඳවත

    මිලින සඳවත අඳුරු මතකෙක අතරමං වූ සිතක අරුමය දැනුනුදා....... දිදුල සඳ මෙන එකලු කෙරුමට පිරූ පෙරුමන් මදිවුනා..... බිඳී බොඳවූ නිරුත්තර සිහිනයක් අද්දර නැවතිලා....... අවසඟව ගිය සිතසොයනු බැරි වී මිලින සඳවත ගොළුවුනා..........
  18. tear

    EXPIRE

    EXPIRE සිතින් සියවර පෙමින් පිරිමැද පිඳූ සෙනෙහස " කල් ඉකුත් වී ඇත."
  19. tear

    love

    නුඹ..... නුඹ..... කඳුළු බිඳකට හැකි උනා නම් ගලා ඒවී ඔබ සොයා....... සුසුම් පොදකට හැකි උනා නම් හමා ඒවී ඔබ සොයා....... සිතක සිරවූ සිතුම් සිතුවිලි පවසාවි හඬ දී කියා...... නුඹට පෙම් කල මසිත තවමත් නුඹ නමින් වැලපෙන නියා......
  20. tear

    acer e 101 mobile phone

    How can i change the language of acer e 101 mobile phone?????? Pleeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeease help me.:no::no::no:

    No contents