නැවී පොළොවට සිරුර හකුලා
වතාවක් ඔය දෙපා සිඹිනට
අනේ මට නැ එවන් සැනසුම්
මගේ අම්මා තුරුලෙ ඉන්නට
වදා මා දස මසක් දුක්විඳ
හදා අත පය වාරු ගැනුමට
දුකේ දී මා නොහැරගිය ඔබ
මගේ ලොව්තුරු එකම සැනසුම
කොහේ තිබුනත් මගේ මේ කය
හිතින් මා තව ඔබේ පාමුල
ගැටී උණුහුම් වී හිඳින්නට
අනේ තව කොයි කලක් ඉන්නද
මගේ...