මගේ අම්මා

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    නැවී පොළොවට සිරුර හකුලා
    වතාවක් ඔය දෙපා සිඹිනට​
    අනේ මට නැ එවන් සැනසුම්
    මගේ අම්මා තුරුලෙ ඉන්නට​

    වදා මා දස මසක් දුක්විඳ​
    හදා අත පය වාරු ගැනුමට​
    දුකේ දී මා නොහැරගිය ඔබ​
    මගේ ලොව්තුරු එකම සැනසුම​

    කොහේ තිබුනත් මගේ මේ කය​
    හිතින් මා තව ඔබේ පාමුල
    ගැටී උණුහුම් වී හිඳින්නට​
    අනේ තව කොයි කලක් ඉන්නද

    මගේ අම්මා නොමැත මා ලග​
    පුතේ කියමින් මගේ වෙන්නට​
    දමා මේ මුළුලොවම පසෙකට​
    මියගියත් මට සැපයි නුඹ ල
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනයි...අම්මාට සම කල නොහැකි ආදරයක් මෙලොව කොතැනකවත් නොමැත...

    ඊළඟ නිර්මාණය නිසඳැස් section එකේ දාන්න... :)