යකඩ මුලක් තම සිරුරට කිඳා බැස මාරාන්තික වේදනාවන් විඳීද්දී ධර්මය පිහිට කරගෙන උන්වහන්සේ නිකෙලෙස් වුණා. උල උඩ හිඳගෙනම ෂඩ් අභිඤ්ඤා උපදවාගත් උත්තර තෙරුන් අන් අයට අනුකම්පාවෙන් ඉන් නැඟී අහසට පැන නැඟ නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්යයන් දැක්වූවා. එය දුටු මිනිසුන් පුදුම වී සාදු නද පවත්වමින් වන්දාමාන කළා...