1. Dewrangi

    මට ආදරේදැයි ආයෙමත් නාසන්න....

    මට ආදරේදැයි ආයෙමත් නාසන්න.... මට ආදරේදැයි ආයෙමත් නාසන්න ඕනෙමද හේතුවක් ප්‍රේමයක් උපදින්න අහඹු ඇස් බැල්මකට, ඕනෙ නෑ උප්පැන්න අයිතියක් කුමකටද හෙවනැල්ලෙ හැප්පෙන්න... උල්පතක් හිර කරන් දුක් විඳින කන්දකට අකුණු සැර එව එවා සමච්චල් නොකරන්න දරා ගන්නට බැරිව නාය ගියොතින් ඔන්න මේ තරම් ආදරේ තිබුනිදැයි...
  2. Dewrangi

    ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්...

    ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්... බෙල්ලෙකුගෙ හදවතේ රහසේම කථාවක් රළු මුහුදු සුදු වැල්ල කවා ඇත ඉනාවක් රෑ පුරා ලුණු රසින් කැවෙන වේදනාවක් මුතු වෙන්නෙ සංසාරෙ පදම් වෙන ප්‍රේමයක්... කොරල් පරයක් අස්සෙ හැංගිලා විඳවන්ට දුකක් උහුලනු බැරිව පතුලේම වැලලෙන්ට හැකි උනත් බෙල්ලෙකුට කටුව සිඳ බිඳ ලන්ට...
  3. Dewrangi

    ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...

    ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්... ඉර කෙන්ද උණු වෙවී වැටෙද්දී ගල උඩට පෙම්බරී බර ගත්තෙ මං මගේ තනි අතට කළුගලක් බිම හැපී මෙලෙක වූවත් දුකට දුකක් දැනුනේ නෑලු මුදු රෝස මල් වලට... දකින්නට හිතුවාම නොපෙනිච්ච හීනයක් ඇස් වසා ගල බිඳිමි සිවුරු ලා ගීතයක් මල් වලට නොහොබිනා දුප්පත්ම හාදුවක් ගල්...
  4. Dewrangi

    ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්...

    ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්... රෑහියෙකු ළඟ ඇණ තියාගෙන නෑසියෙකු නැති රැය ගෙවාලන අමාවක අද වෙඩි තියාගෙන සඳ වැටුණි හදවත පලාගෙන... මෙච්චරක් කාලයක් ඒ තරම් කලුවරක් ඇති අමාවක හදක්, හංගාන උන් සඳක් සුසුමකින් නොඅගවා ප්‍රේමයක් ඇති වගක් කවි ලියා තිබුනාලු, පිරෙන්නට ඩයරියක්...
  5. Dewrangi

    උඹට දැන් හතළිහක්...

    උඹට දැන් හතළිහක්... ප්‍රේමයට කොයි තරම් කවි ලියා ඇති තරම් උඹ ඒ කවි අස්සෙ උන්නේම නැති තරම් උපමාවක් නැතුව හිතේ හංගාන උන් මේ කවිය උඹ නමින් අමුවෙන්ම ලියමි මං... අත් වැටක් නැති කන්ද නොවැටීම නගින හැටි උඹ කියා දුන්නේම නැගිටිමින් වැටි වැටි ඇස රුදා දෙනකල්ම මං කොතැන, සෙවූ හැටි අම්මෙකුට, අප්පෙකුට...
  6. Dewrangi

    රොමැන්තික ගීත...

    රොමැන්තික ගීත... ඇරඹුමක් නොදන්නා රොමැන්තික ගීත ඇත හදවතේ අකම්පිත තැන් වලටම අනින පෙනහළු වල ගැඹුර මනින්නට බල කරන... කළුවරට වාරු දී ඇස් තන්තු පිරිමදින හවස් වරුවක නුඹ, කොහේ ඇත්දැයි හිතෙන දෙකන් පෙති පවා ඇති කියා දොස් කියන... රොමැන්තික ගීත ඇත රිවයින් කර අහන ඒ ඉහල ස්වරයෙන් ගයනු බැරි වග දන්න...
  7. Dewrangi

    ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...

    ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට... උඹට පුලුවන්ද බං මගෙ දුයිෂෙන් වෙන්ට ප්‍රේමය දරාගත් පොප්ලර් ගහ වෙන්ට ඈතින් බලා ඉඳ නිහඬවම සැනසෙන්න සලෙළෙකුට පුලුවන්ද භාවනාවක් වෙන්ට... අයිලයේ ගෑනුන්ට පෙම් කවි අමුණන්ට උන්ගෙ සළු පිළි උනා නිරුවත විඳගන්ට ප්‍රේමයේ දිග පළල කිසිදාක නොම දන්න සලෙළෙකුට බෑ බං...
  8. Dewrangi

    කවියෙකුගේ හදවත දුටිමි...

    කවියෙකුගේ හදවත දුටිමි... ඔබේ කවි හදවතේ බිත්තියේ කේශ නාලිකාවක ඇවිද යමි හදවතට කිට්ටුවෙන් ලියා ඇති කවි මගේ යැයි මම හිතා ගමි... ඇතැම් කවියක දුක පිරී ඇති යුවතියක ඉකි ගසන හැටි දුටිමි ගැඹුරට ලප කැළැල් එමට ඇති සැත්කමින් කපා හල තැන් දුටිමි... සියුම් රිදුමකින් හිත පාරවන ප්‍රේමයයි සිතූ තැන...
  9. Dewrangi

    ඒ ගීයෙ අයිතිය ඉල්ලලා මට නඩු කියන්නට හිතෙන&#352

    ඒ ගීයෙ අයිතිය ඉල්ලලා මට නඩු කියන්නට හිතෙන&#352 ඔබ වයන සත්සර ස්වර මතින් දුක සුසර වී මට දැනෙනවා ඔබ ගයන තනුවේ අමතකව ගිය පුරුදු කවියක් ඇහෙනවා... ඔබෙ හීන් ඇහිපිය ගැහෙනවා ඇය හාදු ගොන්නක් එවනවා ඒ ගීයෙ අයිතිය ඉල්ලලා මට නඩු කියන්නට හිතෙනවා... ප්‍රේමයට සහසක් අරුත් ඇති මාවතක් ලොව කොහේ හරි ඇති...
  10. Dewrangi

    මං එනව ඉවසපන් රන්කඳ...

    මං එනව ඉවසපන් රන්කඳ... අරාබියේ සිට ලියමි... අඬන "රාහුල" සනසවාගෙන තොල් විකා ඉන්නවද හිමිසඳ වරිගයේ උන් ඇස් ලිහාගෙන ඉන්නෙ මං පානකල් පෙළහර... ළඟ පාත උඹ නැතුව රන්කඳ තදින් දැනෙනව විටක රස්නය අපේ ගඟ නේරංජනා වගෙ නෑ නිතර හීතල කඳුළු විතරය... "සුරා බී ප්‍රීතියෙනි හිමිසඳ" තිගැස්සෙමි දැක සඳැස්...
  11. Dewrangi

    සුදු ඇත්තු...

    පඬුරු තිබ්බා මදිද මන්දා කියා මං අද හූල්ලනකොට සුදු ඇත්තු හරි ගණන් ඇති දැන් එයා කිව්වේ හිනාවීගෙන ඇස් වලට මගෙ අඩ තියාගෙන... ඉඳහිටක සුදු ඇතෙක් ආවත් ලඟට නෑවිත් හැරී යනකොට නෙළුම දොරකොඩ වැටී තිබුනා මං දිව්වෙ පස්සෙන් අඬාගෙන එයා පෙති ඇහිලුවා නාඬම... ඇනුම්පද එක දෙක අසාගෙන හිඳිමි මං නෙළුමක්...
  12. Dewrangi

    ගෑණු හිතකින්...සකි නුඹට කියමි...

    ගෑණු හිතකින්...සකි නුඹට කියමි... ගෑණු හිතකින්...සකි නුඹට කියමි... ගෑණු හිතකට ඇහැකි විලක් සේ ඉන්නට එපා නුඹ එන්නට එය කලම්ඹන්නට කරණම් ගැසුවොතින් කිමිදී බලන්නට සසළ වුනු රැළිති ඇත...ගසා ගෙන යන්නට නැත්නම් හැකි වේය කර වට ගිලෙන්නට... ඉඩෝරය ඇවිත් යන හීන්වට කොනිත්තන වැහි බිංදු ඇනුනාට ළප කැළැලි...
  13. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...
  14. Dewrangi

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ... උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ... ආයිමත් ආවෙ නෑ හිමේ ගිය අප්පච්චි ලන්දෙන් හැන්දෑවෙ හඳහාමි මතුවෙච්චි අම්මාගේ දුකට උන්දෑව උණුවෙච්චි රන්තැටිය මැද්දේ උඹේ මූණ දිලිසිච්චි අම්මාව හංඟාන හඳ අමාවක වෙච්චි උඹව අරගෙන යන්ට හඳට අමතක වෙච්චි...
  15. Dewrangi

    හිම සහ මම...

    වැටෙනවා වැටෙනවා ඉවරයක් නැතුවම...පැය 24 ක් එක දිගටම... ඇහැට පෙන්නේ නැති තරමට ආකහෙන් වැටුනට මොකද, බලන්න එපැයි තරම... අඩි දෙකක් කිට්ටු වෙන්නම ගොඩ ගැහිලා... එක එක තාලෙට, එක එක රටා වලට... වෙලාවකට වැස්සක් වගේ...තවත් වෙලාවකට කුණාටුවක් වගේ... මගේ අතරමං උණු පුංචි කුරුල්ලෝ...උන්ගේ තටු වලටත් වැටිලා... ඒක...
  16. Dewrangi

    දමා යන්නට හිතට ලෝබය...

    දමා යන්නට හිතට ලෝබය...
  17. Dewrangi

    වීරයෝ මැරුණාට නොමළ වග කියාපන්...

    වීරයෝ මැරුණාට නොමළ වග කියාපන්... වීරයෝ මැරුණාට නොමළ වග කියාපන්... සුදු හාමිනේ එතැන ඇත ඉද්ද මල් ගහක් කාල වකවානු ගැන නෑ මට නිච්චියක් රජ ගෙදර නුඹ ගිහින් ආ ගමන් කෝටියක් තවමත් නැද්ද මගෙ විශ්‍රාමෙ එන හැඩක්... ස්මාරකෙ ඉන්නෙ මගෙ හොඳම යාළුවා ඉලක්කේ ගන්න හිටි උන්ගෙන් දස්සයා ඇවිදගන්නට...
  18. Dewrangi

    අම්මා නම් වූ සත් පතිනිය...

    අම්මා නම් වූ සත් පතිනිය... ඇහි පිල්ලමට යටිනී සත් සමුදුරෙන් පනිමී සිසිවන උවන දකිමී එදා වගෙමයි කියමී... මතක පොත දිග හරිමී දුක හිතෙන තැන් වසමී නුඹ හැඩූ තැන් මකමී අලුත් කවියක් ලියමී... මල් කැකුළකින් ඉපැදී මගෙ අප්පච්චීට බහදී අපට අම්මා වී දිවි දී වීය මගෙ සත් පතිනී... පඩිගේ තෙවැනි ඇසිනී...
  19. Dewrangi

    නුඹ මලක් වේ මැයි සුදු දුවේ...

    නුඹ මලක් වේ මැයි සුදු දුවේ...
  20. Dewrangi

    මං ආදරේ කලේ වැද්දෙකුට...

    මං ආදරේ කලේ වැද්දෙකුට...

    No contents