කවියෙකුගේ හදවත දුටිමි...
ඔබේ කවි හදවතේ බිත්තියේ
කේශ නාලිකාවක ඇවිද යමි
හදවතට කිට්ටුවෙන් ලියා ඇති
කවි මගේ යැයි මම හිතා ගමි...
ඇතැම් කවියක දුක පිරී ඇති
යුවතියක ඉකි ගසන හැටි දුටිමි
ගැඹුරට ලප කැළැල් එමට ඇති
සැත්කමින් කපා හල තැන් දුටිමි...
සියුම් රිදුමකින් හිත පාරවන
ප්‍රේමයයි සිතූ තැන පිරිමදිමි
අගුල් නොදමන ඔබේ හදවතට
අහම්බෙන් ගොඩ වැදුන තැන සොයමි...
තවම ඔබ බයිපාස් නොකර ඇති
මගේ ප්‍රියතම කවිය වැලඳ ගමි
ඔබේ ඇස නොගැටී සීරුවෙන්
වෙනදා වාගේම පිටව යමි...
W.A.w.k.W
October 29, 2016
ඔබේ කවි හදවතේ බිත්තියේ
කේශ නාලිකාවක ඇවිද යමි
හදවතට කිට්ටුවෙන් ලියා ඇති
කවි මගේ යැයි මම හිතා ගමි...
ඇතැම් කවියක දුක පිරී ඇති
යුවතියක ඉකි ගසන හැටි දුටිමි
ගැඹුරට ලප කැළැල් එමට ඇති
සැත්කමින් කපා හල තැන් දුටිමි...
සියුම් රිදුමකින් හිත පාරවන
ප්‍රේමයයි සිතූ තැන පිරිමදිමි
අගුල් නොදමන ඔබේ හදවතට
අහම්බෙන් ගොඩ වැදුන තැන සොයමි...
තවම ඔබ බයිපාස් නොකර ඇති
මගේ ප්‍රියතම කවිය වැලඳ ගමි
ඔබේ ඇස නොගැටී සීරුවෙන්
වෙනදා වාගේම පිටව යමි...
W.A.w.k.W
October 29, 2016

ඔව් ටිකක් විතර
