දස මසක් මා කුස තුල උන් පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ
වීසි කරමි වන ලැහැබ ට
දෑස පියාගෙන
නයි පොළොගුන් ගෙන් මවක ලබාවා !
වග වලසුන් ගෙන් පියෙකු ලබාවා !
දැඩි වී වග වලසුන් අතරේ වලසෙකු වී
අවුදින්, පුතුනේ...
වීසි කරන්නට දරුවන් තනනා ලෝකය
කා වනසන් පුතුනේ
සැතපී නයි පොළොගුන් දරණේ පොළගෙකු වී...