මා රාජකාරි කටයුතු අවසන් කර නිවෙස බලා පිටත් වීමට පටන් ගත්තේ ඊයේ රාත්රී නවයට පමණය.. මාගේ සේවා ස්ථානයේ සිට නිවස කිලෝ මීටර අට නවයක දුරින් පිහිටා තිබුණත් මා නැවතී සිටියේ රාජකාරී කරන ස්ථානයේමය. මන්දයත් ඒ නිදහසට මා ප්රිය කල නිසාවෙනි. දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම මත මා වෙසක් පෝය දින හෝ නිවස බලා පිටත් වීමට...