:( :( :( :( :(

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මා රාජකාරි කටයුතු අවසන් කර නිවෙස බලා පිටත් වීමට පටන් ගත්තේ ඊයේ රාත්‍රී නවයට පමණය.. මාගේ සේවා ස්ථානයේ සිට නිවස කිලෝ මීටර අට නවයක දුරින් පිහිටා තිබුණත් මා නැවතී සිටියේ රාජකාරී කරන ස්ථානයේමය. මන්දයත් ඒ නිදහසට මා ප්‍රිය කල නිසාවෙනි. දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම මත මා වෙසක් පෝය දින හෝ නිවස බලා පිටත් වීමට තීරණය කලෙමි.

    හනි හනිකේ යතුරුපැදියට නැඟගත් මා පා පැදියක් පදවා යන කෙනෙකු ලෙස යතුරුපැදිය පදවාගෙන ගියේ පාරේ තිබුණ විශාල වාහන තදබදය නිසාය. මගේ තදයට වේගයෙන් ගොස් අතපය කඩාගතහොත් වෙසක් පෝය දින මා පට්ට පවක් කර ඇතැයි මාගේ මිතුරන් සහ හතුරන් කියන බව මට විශ්වාසය. එම නිසා මා ඉතා අඩු වේගයකින් යතුරු පැදිය පැද ගියෙමි.

    අහවල් ස්ථානනයේ අහවල් වරටත් පට්ට බත් දන්සැල පැවැත්වෙන බව මට දුර තියා දැකගැනීමට හැකි වූයේ කිලෝමීටරයක් පමණ දික් වූ පෝලිම නිසාය. පෝලිම පාර පුරාමය. වෙසක් පෝය දවසේ රියදුරන් ඔවුන්ගේ දෙමාපියන්ට පින් දිදී වාහන පදවනු දැක මට දැනුනේ මහත් වේදනාවකි. පෝලිමේ ඉන්නා උන් රථවාහන පොලීසියේ රාළහාමි මාමා කෙනෙකුට බනිනා බැනිල්ලට මගේ දුක තවත් වැඩි විය.

    මා හෙමින් හෙමින් යතුරුපැදිය පදවාගෙන ගියෙමි. එක් තැනක මහා ගෝරනාඩුවකි. මා යතුරුපැදියේ වේගය තවත් අඩාල කර එම ස්ථානයට ළං විය. පොලිස් මහත්වරුන් සිටියේ එම ස්ථානයට අඩි දහයක් පහළොවක් දුරිනි. උන් එය පඩේකටවත් ගණන් ගත්තේ නැත. උන් උන්ගේ වැඩ වලය. හොඳට හැද පැළඳ ගත් මහත්වරුන් දෙදෙනකු සමග බුවාලා බර කයියකය. ඒ අපේ ලංකාවේ පොලීසියයි. අපි ආඩම්බර විය යුතුය.

    අවුරුදු පහළොවක පමණ කොලුගැටයෙකුට හතර පස්දෙනෙකු නෙලන්නට සැරසෙතී. පසෙක පුංචි දරු පැටවෙකු වඩාගත් මවක් විලාප දෙයි. කොලු පැටියා හැද සිටියේ කිලිටි වූ ෂර්ටයක් සහ කලිසම් බෑයකි. ඔවුන් ඉතා අසරණ පවුලක් බව තේරුම් ගැනීමට මා හට වැඩි වේලාවක් ගත වූයේ නැත. සිද්ධිය මා පසුව දැනගතිමි. කොල්ලා දන්සැලේ පෝලිම පැන ඇත. එයට කෝප වූ පිරිස කොල්ලාට නෙලීමට සැරසී ඇත. බඩ ගින්දර ඉවසාගත නොහැකිව කොල්ලා පෝලිම පනින්නට ඇතැයි මට සිතින. මාගේ සිතට දැනුනේ විශාල වේදනාවකි. එහෙත් මා වැනි ගෝතයෙකුට ඔහේ බලා ඉන්නවා හැරෙන්නට කිසිවක් කිරීමට හැකියාවක් තිබුණේ නැත. නමුත් ක්ෂණයකින් ඒ අසලට අයියලා පස් හය දෙනෙකු සහ අක්කලා තුන් හතර දෙනෙකු දිව ආවේය. ඇවිත් රණ්ඩුව නතර කර අර කොලු ගැටයාගේ අතට බෑගයක් දී ඔවුන්ව පිටත් කර හැරියේය. කොලු ගැටයාට දැනුනේ මහත් ප්‍රීතියකි. එය මා ඔහුගේ මුවින් නැගුණ සිනහවෙන් දැකිමි.. ඔහු අම්මා සහ පුංචි නැගනිය සමඟ පින් දෙමින් පාරේ ඉඳිරියට ඇඳී ගියෝය.

    එක වේලක් කාලා බඩගින්දර නිවාගන්න මිනිස්සු මොන තරම් මේ රටේ ඇත්ද..? තුන් වේලෙම බඩගින්නෙ ඉන්න මිනිස්සුත් ඇති.. ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද.. ඒත් කොච්චර සතුටින් හිටියත් වැඩක් නෑ තව එකෙක්ගෙ දුක, වේදනාව අඳුනන්නෙ නැත්තං.. ගොඩක් අය හිතනේ අපි මැරෙන්නෙ නෑ කියලා..

    දැන් සිද්ධිය අවසානය. ඕන රෙද්දකට හොම්බ දෑම අපේ සිරිතය.. එය උප්පැත්තියෙන්ම පිහිටන එකක් යැයි මට සිතුණි.. සියල්ල සතුටින් විසිරි ගොස් ඇත. එහෙත් මේ සිද්ධිය නිසා මාගේ සිත අවුල් වී ඇති බව මා හට සිතුනි. මා නැවත නිවෙස බලා යාමට යතුරුපැදිය පාරට දානවාත් සමඟම වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාගේ යතුරු පැදියේ ඉදිරිපස රෝදයේ වද්දාගෙන ගියෙය. වැරෙන් මා යතුරු පැදිය අල්ලා සිටි හෙයින් මා නොවැටී බේරුණි. ඔවුන් ටික දුරක් ගොස් කාරය නතර කලේය. අවුරුදු විසි අටක තිහක වැනි වයසකින් යුත් කොල්ලන් දෙදෙනකු රියෙන් බැස මා දෙසට ඇඳී එනු මා දුටුවෙමි.

    "කොහේ යනවද හු#තිගෙ පුතෝ.. බයික් පඳින්න බැරි නම් පයින් පලයන්.. අහිංසක මිනිස්සු අමාරුවෙ දාන්නෙ නැතුව.." ආ සැනින් ඔවුන් මාහට මිහිරි ස්වරයකින් ඇමතීමට පටන්ගත්තේය. මා කිසිවක් නොකියා බලා උන්නෙමි. වෙසක් පොහොය දින දෙදෙනාම හොඳ පදමට සූර් වී ඇති බව මා හට පසක් විය. "තෝ හිතුවද වේ#ගෙ පුතෝ මේවා රුපියලට දෙකට ගනිපු වාහන කියලා.. ලක්ෂ ගණන් දීලා ගන්නෙ.. තොපි වගේ හිඟන්නුන්ට ඒවා තේරෙනවද..? අම්මලට හු#නවා වාහනේ හීරිලා තිබුණොත්.." දෙදෙනාටම ශෘංගාර සාහිත්‍යය යසට කඩ පාඩමින් කීව හැකිය. ටික වේලාවකින් ඒ අසලට රථවාහන පොලීසියේ මහත්මයෙක් පැමිණියේය. "මොකද සර් වුනේ..?" අර මහතාගෙන් ඒ මහතා ඇසීය ."මේ හු#න්නා පාර බලන්නෙ නැතුව එකපාරම බයික් එක දැම්මනේ පාරට.. තව පොඩ්ඩෙන් වඳිනවා.. බෆර් එකේ වැදුනත් එක්කද කොහෙද.." පොලීසියෙ මහතාට කොලුවන් දෙදෙනා පැවසීය. පොලිස් මහතා මා දෙස ඔරවා බලා "තෝ බීලද..? කාලකන්නි.. අහිංසක මිනිස්සු අමාරුවෙ දාන්න එනවා.. සර්ලා යන්න.. මං බලාගන්නම්.." කුප්ප හිනාවකින් යුතුව පොලිස් මහතා කොලුවන් දෙදෙනාට පැවසීය.. ඔවුනුත් "හරි බොස්"යැයි පවසා නැවත මෝටර් රථය දෙසට ගමන ඇරඹුවේය.

    "අද වෙසක් පෝය නිසා තෝ බේරුණා කියලා හිතාගනිං.. ගිහින් දානවා කූඩුවෙ.." වරද මාගේය. ඒ නිසා මා කිසිවක් නොකියා බලා උන්නෙමි. සිද්ධිය වූ වේලාවෙ සිටම මා කට සෙලවූවේ වත් නැත. ගොලුවෙක් මෙන් බලා සිටියෙමි. "සර් මේ.. ඒ මල්ලිගෙ වැරැද්ද තමයි.. හැබැයි මුලින් ඔයගොල්ලො කතා කරන්න ඉගෙනගන්න. අපි දුප්පත් වුණාට අහසින් වැටිච්ච මිනිස්සු නෙමෙයි.. සර් දැන් ඔය ගියපු උන් දෙන්නම හොඳටම බීලා හිටියෙ.. සර් ඒක දැක්කනේ.. ඉතිං ඔයා උන් දෙන්නට සර් කිය කිය පින්සෙන්ඩු වුණා.. මේ අහිංසකයට බල්ලට වගේ බනිනවා.. මොකක්ද මේ වෙනස.. මොකද උන් අම්මගෙ බඩෙන් ඉපදිච්ච එවුන් නෙමේද.. සර්ලත් බලන්නෙ සර්ලගෙ වාසිය විතරයි.. මොකද මේ වගේ එකෙක්ගෙන් වාසියක් ගන්න බෑනෙ.. ඉතිං උන්ට ගොට්ට අල්ලනවා.. මං හිරේ ගියත් කමක් නෑ සර් ඇත්ත කියනවා.. මං විතරක් නෙමේ මෙතන හිටපු හැම එකාම සිද්ධිය බලාගෙන හිටියෙ.. දැන් පොඩ්ඩකට කලින් මෙතන කොල්ලෙක්ට නෙලන්න හැදුවා පෝලිම පැන්නා කියලා.. අතන හිටපු පොලිසියෙ දෙන්නා දැක්කා නොදැක්ක වගේ බලාගෙන හිටියා.. මේකද නීතිය කියන්නෙ.. ඔහේලට සර් කියන්න වටින්නෑ සර් කිව්වට.. තමුසෙලා මග වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්න ඉන්නෙ මේ අහිංසක මනුස්සයෙක් විතරයි.. ඔය බෙන්ස්, ප්‍රාඩෝ වලින් යන උන් තමුසෙලව පඩේකට ගනන් ගන්නවද දෙකට නැමීගෙන ගියාට.. ඒත් කමක් නෑ නීතිය කාටත් එක නම්.. මල්ලි උඹ යන ගමන පලයං.. ඕවා කතා කරලා වැඩක් නෑ.. මේ අපේ රටේ නීතිය.." මා අසල සිටි අයියා කෙනෙක් කෝපයෙන් කියවීමට පටන්ගත්තේය.. පොලිස් මාමාට කට උත්තර නැතිවිය..

    මා නැවත යතුරුපැදිය පාරට දමා නිවෙස බලා යෑමට සැරසුණි. "පවු.. ඒ මල්ලිට කතා කරන්න බැරිද කොහෙද..?" "පවු අනේ..!" අසල සිටි අක්කා නගෝලා කිහිප දෙනෙකු කතා වෙනු මට ඇසිණ.

    එදින වූ සිද්දීන් කිහිපය නිසාම මා සිතට දැනුනේ මහත් වේදනාවකි. දන්සැල් අසලින් යන විට මා හට ඇසුනු ගීත කිහිපයෙන් මාගේ සිතට පුංචි හෝ සහනයක් දැනුණි..

    "සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා..
    සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා..
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.

    එකට එක්වී එකට කා බී.. එකට සැතපීලා..
    උඟුල අටවයි විපත පටලයි මුරුඟ ගති පාලා..
    ලෝකයේ...මර විසක් නැත වෙන මිනිස් විස වාගේ..
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා..

    තියෙන ඇත්තා... නැති තැනත්තා...තඹයකට නොතකා..
    ඔහුගේ නැතිකම් දුබල බැරි කම් පෙනිපෙනිම මිරිකා..
    සැප විදියි.... සැප විදියි පණ ගියත් තෑගී අනෙක් මිනිසාගේ..
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා..

    යුක්ති ධර්මේ ජය ගනිවී...දිළෙන ලෙස දිළිදා..
    දෑත නැති වෙයි ඈත හෙළිවෙයි යම් දිනක මතුදා..
    ඔහු එදා...පිහිටවත් නොලැබෙයි ඔහුගේ සෙවනැල්ලේ..
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.."

    "සඳට සඳ එළියට මලට මල් පොකුරට..
    කවියො කවි ලීවට..
    වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත..
    මේ මිනිසුන්ගෙ සිත..

    උමතුවෙන් මත් වෙලා..
    රාගයට ලොල් වෙලා..
    මනස වීදෝ මුලා..
    සුමුදු මල් පරවෙලා..

    අඳුර ලොව රජ වෙලා..
    මිනිස් සිත ගොලු වෙලා..
    විශ්වයම වී මුලා..
    දහම ඇත සැඟවිලා.."

    "පිහිටක් නැති.. සරණක් නැති..
    සතුටක් ඇති.. මුහුණක් නැති..
    මේ සසර දනවුවේ, අපි අසරණ වෙලා වගේ..
    හිතට දැනෙනවා.. බුදුහාමුදුරුවනේ..

    හබලක් නැති.. ඔරුවක් ඇති..
    මිනිසුන් වෙති.. වෙරළක් ඇති..
    මේ සසර දනවුවේ, අපි අසරණ වෙලා වගේ..
    හිතට දැනෙනවා.. බුදුහාමුදුරුවනේ..

    නිවනක් ඇති.. .ගෙදරක් නැති..
    ගමනක් වෙති.. වෙනසක් නැති..
    මේ සසර දනවුවේ, අපි අසරණ වෙලා වගේ..
    හිතට දැනෙනවා.. බුදුහාමුදුරුවනේ.."

    රාත්‍රී එකොළහ පමණ වන විට මා නිවෙසට ළඟා විය. මා නිවෙසේ අටපට්ටම් කූඩු පහ හයක් සහ වෛවර්ණ විඳුලි බල්බ් වැල් කිහිපයක්ම දැකගන්නට ලැබිණ. මා යන විට අම්මා ගේ දොරකඩට වී මා එන මඟ බලා සිටිනු දැක මාගේ සිතේ දුක තවත් වැඩිවිය.. "ඇයි දරුවො මෙච්චර පරක්කු වුණේ. මං හිතුවෙ වෙසක් පෝය දවසෙත් ගෙදර එන එකක් නැහැයි කියලා." මා යතුරුපැදිය නතර කර නිවෙසට ඇතුලු වෙනවාත් සමඟම අම්මා කියන්නට විය. "අම්මෝ.. මාර විඳියට ට්‍රැෆික් අම්මෙ.. හරි අමාරුවෙන් ආවෙ.. මට සෑහෙන බඩගිනියි.. කන්ට මොකුත් නැද්ද..?" "මායි තාත්තයිත් තවම කෑවෙ නෑ පුතේ.. දැන් නම් කෑම සීතල වෙලත් ඇති.. එන්න යන්න.." මාගේ හිස පිරිමදිමින් අම්මා මා කැටුව ගියේය.

    "මොකද තාත්තෙ නිකන් එපා වෙලා වගේ..?" මා තාත්තගේ මුහුණේ වෙනසක් දුටුවෙමි. ඔහු වෙනදා මෙන් නොවේ. "පුතා හිතනවද අපි ඉන්නෙ සතුටින් කියලා.. ඔයා මාසෙකට දවසක් එනවා.. සමහර දවස් වලට ඒකත් නෑ.. ඒ ආවත් ඉන්නෙ පැය හත අටයි.. අම්මා උදේ ඉඳන් හැන්දෑ වෙනකන් මඟ බලන් ඉන්නවා ඔය අද එයි හෙට එයි කියලා.. මොකක්ද මේ වැඩේ තේරුම පුතේ.. මං දැක්කමයි ඔහොම රස්සා කරන කෙනෙක්.. වෙන මිනිස්සු බලන්නෙ කවදද ගෙදර යන්නෙ කියලා.. ඔයාට අපිව එපා වෙලාද..?" තාත්තා වේදනාවෙන් පැවසීය. "දරුවට කෑම ටික කන්න දෙන්න.. කෑ ගහන්න එපා.. දැන් බත් ටික කාලා නිදාගන්න පුතේ.. අපි උදේට කතා කරමු.." අම්මා නැවත මාගේ හිස අතගාමින් පැවසීය..

    කොතරම් නිදහසක් ලැබුණත් මා නිවෙස බලා නොයෙන්නේ මන්දැයි මටම සිතාගත නොහැකි විය. ඔවුන් කියන කතාව ඇත්තය. වෙන උන් බලන්නේ කවදා ගෙදර යන්නදැයි කියාය. වෙසක් පෝය දින නොව හැමදාකම මා දෙමාපියන්ගේ සිත් රිඳවනවාය. මා කුඩාලක ඔවුන් මා නිසා සෑහෙන දුක් වින්ඳාය.. අද මා ඔවුන්ව දැන දැනම රිද්දනවාය.. මාගේ සිතේ තිබුණු වේදනාව තව තවත් වැඩි විය.. මාත් මෙලෝවට ඉපදුනු තවත් එක් පව්කාරයෙක් යැයි මා හට දැන් පසක් වී හමාරය. කරපු පවු ගෙවාගත නොහැක. අද සිට හෝ පවු නොකර සිටීමට මා වඟ බලාගත යුතුය. කෑම කා අවසන් කර අම්මාටත් තාත්තාටත් වැඳ මා නිදන කාමරය දෙසට ඇවිඳ ගියාය.
    :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ලංකාවේ රියදුරන්ගේ මාර්ග විනය නම් අන්තිමයි. විශේශයෙන් බයික්, ත්‍රීවීල් පදින අයගේ. කොහෙන් හරි රිංගනවා, ඔබනවා අන්තිමට හැප්පෙනවා ට්‍රැෆික් සෙට් වෙනවා චා මැක්ස්. මෙන්න ඊයේ දැකපු දේවල්
    1.එක්තරා පන්සලක්-සහ දන්සැලක් ලඟ පාරේ මීටර් 500ක් පහු කරන්න විනාඩි 45ක් ගියා :baffled::baffled: පස්සෙ බලනකොට ත්‍රීවීල් එකක් රෝං සයිඩ් ගිහිල්ලා ඇනගෙන. පට්ට බ්ලොක් එකක්. ත්‍රී වීල් එක අයින් කරන්න ඉඩකුත් නෑ. වැදිච්ච වෑන් එක අයින් කරන්නත් බෑ. අන්තිමට පොලිසියේ කස්ටිය ඇවිත් යන්තම් ගේට්ටුවක් ඇරලා ත්‍රී වීල් එක වත්තකට දානකන් ට්‍රැෆික් එක
    2. දන්සැල් ලඟ පෝලිම් වල මිනිස්සු ඉන්නේ එක්කෙනා පිටිපස්සේ එක්කෙනා නෙවෙයි, පොකුරු පොකුරු. පාර මැදත් එක්ක. කොල්ලො සෙට් පිටින් පාරත් එක්කම බදු අරන් ඉන්නේ :baffled::baffled: පාරේ යන වාහන තමයි අයින් කරන් යන්න ඕන :baffled::baffled:
    3. දන්සැලකට ගිය බුවෙක් පාර මැද්දේ බයික් එක පාක් කරලා ගිහින්. අනිත් පැත්තෙන් ආපු වාහනයක් ඉඩ නැතුව මිනිස්සු බේරන් යද්දි බයික් එක වැදුනා. අන්තිමට බයික් අයිතිකාර ඩයල් එක යාලුවෝ සෙට් එකත් අරන් නෙලන්න ආවා වාහනේ එලවන් ආපු මනුස්සයට :baffled::baffled:
    4. පොලිසියේ බුවාලා වාහනේ තරාතිරම බලන්නේ නැතුව ඊයේ නම් තග දැම්මා. හැබැයි කාර් ජීප් වල අයට ගන්න මහත්තයා පව් නොදී ඔය වාහනේ කියලා, ත්‍රී වීල්, බයික් බුවාලට නම් කිව්වේ හු%% පුතා ගනිං තොගේ කරත්තේ කූඩුවට දාන්න කලින් කියලා :baffled::baffled:
    5. 48cc මදුරුවොන්ගේ නැගපු කොල්ලෝ හෝනට් වල යනවා කියලා හිතාගෙන ලයිටුත් නැතුව කෙලගෙන යනවා දැක්කා. මදුරුවෝ දෙන්නෙක් ඇක්සිඩන් වෙලා තියෙනවත් දැක්කා. හෙල්මට් එකක් ව්අත් නොදා ලෝඩ් පකීර්ලා වගේ කට්ටිය බයික් වල නැගලා යනවත් දැක්කා. කොන්ක්‍රීට් වලින් ඔලු කට්ට හැදිච්ච උදවිය වෙන්න ඕන :baffled::baffled:
    6. බයික් රෝං සයිඩ් එකේ ඇවිත් කාර් එකේ බොනට් එක උඩ නගින්න ඔන්න මෙන්න තියලා නවත්තලා මගෙන් කොහෙද ඕයි යන්නේ කියලා අහපු උනුත් හිටියා මොනවා කරන්නද වෙසක් නිසා ෆුල් ධාර්මිකව දන්සැල් වදින්න යනවා මල්ලි කියලා ආවා :(:(


    මෙහෙම පාරේ විනයක් නැතුව යන කොට අපේ රටේ දහස් ගණන් ඇක්සිඩන්ට් වෙන එක අහන්න දෙයක් ද :oo::oo:



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :(

    බින්දු;16663907 said:
    ලංකාවේ රියදුරන්ගේ මාර්ග විනය නම් අන්තිමයි. විශේශයෙන් බයික්, ත්‍රීවීල් පදින අයගේ. කොහෙන් හරි රිංගනවා, ඔබනවා අන්තිමට හැප්පෙනවා ට්‍රැෆික් සෙට් වෙනවා චා මැක්ස්. මෙන්න ඊයේ දැකපු දේවල්
    1.එක්තරා පන්සලක්-සහ දන්සැලක් ලඟ පාරේ මීටර් 500ක් පහු කරන්න විනාඩි 45ක් ගියා :baffled::baffled: පස්සෙ බලනකොට ත්‍රීවීල් එකක් රෝං සයිඩ් ගිහිල්ලා ඇනගෙන. පට්ට බ්ලොක් එකක්. ත්‍රී වීල් එක අයින් කරන්න ඉඩකුත් නෑ. වැදිච්ච වෑන් එක අයින් කරන්නත් බෑ. අන්තිමට පොලිසියේ කස්ටිය ඇවිත් යන්තම් ගේට්ටුවක් ඇරලා ත්‍රී වීල් එක වත්තකට දානකන් ට්‍රැෆික් එක
    2. දන්සැල් ලඟ පෝලිම් වල මිනිස්සු ඉන්නේ එක්කෙනා පිටිපස්සේ එක්කෙනා නෙවෙයි, පොකුරු පොකුරු. පාර මැදත් එක්ක. කොල්ලො සෙට් පිටින් පාරත් එක්කම බදු අරන් ඉන්නේ :baffled::baffled: පාරේ යන වාහන තමයි අයින් කරන් යන්න ඕන :baffled::baffled:
    3. දන්සැලකට ගිය බුවෙක් පාර මැද්දේ බයික් එක පාක් කරලා ගිහින්. අනිත් පැත්තෙන් ආපු වාහනයක් ඉඩ නැතුව මිනිස්සු බේරන් යද්දි බයික් එක වැදුනා. අන්තිමට බයික් අයිතිකාර ඩයල් එක යාලුවෝ සෙට් එකත් අරන් නෙලන්න ආවා වාහනේ එලවන් ආපු මනුස්සයට :baffled::baffled:
    4. පොලිසියේ බුවාලා වාහනේ තරාතිරම බලන්නේ නැතුව ඊයේ නම් තග දැම්මා. හැබැයි කාර් ජීප් වල අයට ගන්න මහත්තයා පව් නොදී ඔය වාහනේ කියලා, ත්‍රී වීල්, බයික් බුවාලට නම් කිව්වේ හු%% පුතා ගනිං තොගේ කරත්තේ කූඩුවට දාන්න කලින් කියලා :baffled::baffled:
    5. 48cc මදුරුවොන්ගේ නැගපු කොල්ලෝ හෝනට් වල යනවා කියලා හිතාගෙන ලයිටුත් නැතුව කෙලගෙන යනවා දැක්කා. මදුරුවෝ දෙන්නෙක් ඇක්සිඩන් වෙලා තියෙනවත් දැක්කා. හෙල්මට් එකක් ව්අත් නොදා ලෝඩ් පකීර්ලා වගේ කට්ටිය බයික් වල නැගලා යනවත් දැක්කා. කොන්ක්‍රීට් වලින් ඔලු කට්ට හැදිච්ච උදවිය වෙන්න ඕන :baffled::baffled:
    6. බයික් රෝං සයිඩ් එකේ ඇවිත් කාර් එකේ බොනට් එක උඩ නගින්න ඔන්න මෙන්න තියලා නවත්තලා මගෙන් කොහෙද ඕයි යන්නේ කියලා අහපු උනුත් හිටියා මොනවා කරන්නද වෙසක් නිසා ෆුල් ධාර්මිකව දන්සැල් වදින්න යනවා මල්ලි කියලා ආවා :(:(


    මෙහෙම පාරේ විනයක් නැතුව යන කොට අපේ රටේ දහස් ගණන් ඇක්සිඩන්ට් වෙන එක අහන්න දෙයක් ද :oo::oo:



    උඹගෙ කතාව හරි බං..:)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :(


    උඹගෙ කතාව හරි බං..:)

    :P:P කාර්, වෑන් , ජීප් බුවාලගෙත් ඇති විනයක් නෑ. උන්ටත් පියාඹන්න ඉඩ තිබුනා නම් උනුත් ඔහොමයි. සයිඩ් කණ්නාඩියක් , දොරක් එහෙම කෙල වුනොත් පාඩුව, කරදරේ නිසා වලි වලට සෙට් වෙන්න වෙන නිසා එයාලත් හෙමින් හෙමින් ගියේ :rofl::rofl: හොඳටම පේනවා පෝලිමේ යන්න බෑ, ඉස්සරහ මොකක් හරි ලොකු බ්ලොක් එකක් කියලා. ඒත් තමංගේ ඉස්සරහා ඉන්න එකා බ්ලොක් කරන් ඉන්නවා කියලා හිතාගෙන කණ කුඩු වෙන්න හෝන් ගහනවා :baffled::baffled: අනිත් එක සමහර බුවාලගේ සිග්නල් තියෙන්නේ ලස්සනටද කොහෙද :oo::oo: මලාට සිග්නල් දාලා නෙවෙයි නවත්තන්නේ :baffled::baffled: ගෙදර වත්තේ නවත්තනවා වගේ. පිටිපස්සෙන් එන එකා බලන් ආවේ නැත්නම් කුට්ටම ඉවරයි. ජීවිතේට හෙඩ් ඩිම් කරන්නේ නෑ. ඇස් පොට්ට වෙනවා ඉස්සරහින් එන එකාගේ :baffled::baffled::baffled:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    meka siravata ubata una vadakda? wesak davaseth beegena dagalana apatha yakku koheth innava bn, meheth eeye pansale sil gathu ayata dane lasthi karapu set eka havas venakota kelin inna bari vena ganata gahala hitiya.... mokata dana denna bara gathada manda.... :frown::no::no::no:

    km 8-9ka durin ge thiyenavanam mokada yako gedara yan nathe....A madivata bike ekakuth thiyenava :lol: