උඩු මහලේ දිනක් මම හිඳ සිටින විට
සැමියා ඇවිත් දින දෙකකට පස්සෙ ගෙට
පෙන්වා හඳුන්වා බිතු සිත්තරෙක් මට
කිවුවා මෙලෙස ඔහු හට මගෙ ඉදිරිපිට
මේ මගෙ බිරිඳ ඇගෙ රුව තේජස් ලීලේ
විමසා බලා අරගෙන හොඳ හැටි කාලේ
වෙන සිටුවරුන් කිසි දා නොදුටුව තාලේ
සැරසිය යුතුයි හොඳ සිතුවමකින් සාලේ
හිතුවේ නැහැ කියා සැලකිල්ලක්...