"ආර්යාව''

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    picture.php


    උඩු මහලේ දිනක් මම හිඳ සිටින විට
    සැමියා ඇවිත් දින දෙකකට පස්සෙ ගෙට
    පෙන්වා හඳුන්වා බිතු සිත්තරෙක් මට
    කිවුවා මෙලෙස ඔහු හට මගෙ ඉදිරිපිට

    මේ මගෙ බිරිඳ ඇගෙ රුව තේජස් ලීලේ
    විමසා බලා අරගෙන හොඳ හැටි කාලේ
    වෙන සිටුවරුන් කිසි දා නොදුටුව තාලේ
    සැරසිය යුතුයි හොඳ සිතුවමකින් සාලේ

    හිතුවේ නැහැ කියා සැලකිල්ලක් පෙරදී
    බැලුවම අහෝ මම නොවැ ඇත්තේ පැරදී
    අනෙ අම්මපා කොච්චර තිබ්බත් වැරදී
    ඇඳ සිතුවමක් ලොකු යුතුකම ඇත කරදී

    ආ දවසේ පටන් මේ නිවසට කැන්දා
    මට ඇති වෙලා මේ සෝබන වැඩ හන්දා
    මුවින් නොබැන හිටියත් සැමියා හින්දා
    අපෙ මිනිහටත් ඇත්තට පිස්සුද මන්දා

    මේ රැස්වීම, අර පාටිය, පොත් දීම
    මුල් ගල්, මතක කණු, විරුවන් සැමරීම
    යන යන තැනට සිදුවෙයි පස්සෙන් යාම
    මහ කරුමයක් නොවැ සිටු බිරිඳක් වීම

    ඔය හැම වැඩම මදිවට යන එන වාරේ
    ආරාධනා ලැබෙනව එක එක ආරේ
    දවසක් නිදහසේ ඉන්නට ඉඩ නෑරේ
    සමහර වෙලාවට මුළු දවසෙම පාරේ

    පිටරට නැව් ගමන්, හොඳ රෙදි පිළි සේද
    ඇති පමණට මුදල්, අබරණ වැනි දේද
    ලැබෙනා නිසා හිටියත් නැතිවම බේද
    ඉන්නට මෙහෙම කාටද පුළුවන් නේද

    මෙලෙසින් මගේ සිතුවිලි ගලනා අස්සේ
    මගෙ රුව ඇඳෙනවා ලී පලුවක් ඔස්සේ
    නැහැ වතුරවත් උදයේ කෑවට පස්සේ
    දැන් ඉඳපන්කො ඉඳගෙන වරුවක් තිස්සේ

    හෙල්ලෙන්නත් බෑලු ඇද වෙනු හොඳ නෑලු
    දඟලන්නත් බෑලු රූපය කැත වේලු
    හිනැහෙන්නත් ඕනෙ දත් පෙන්නනු බෑලු
    දැන්නම් මගෙ ඇඟේ උඩ පනිනව මාලු

    ඇන්දට පස්සෙ නම් "මගෙ පෙම්බර දේවී"
    යනුවෙන් එන අයට ලොකුවට පවසාවී
    චිත්‍රය දැකල උන් අත් පොළසන් දේවී
    දන්නවනම් ඇත්ත දෙකොනින් හිනැහේවී

    'ජියොකොන්ඩෝගෙ' තුන් වැනි සුන්දර බාරි
    සිතුවමෙ තේමාව මොක මුත් නැත කාරි
    මදහස වතේ, හදවත ඇති බව සීරී
    මගෙ රුව දකින අය හට යනු ඇත තේරි


    -mihir.rc.uom