උත්තරීතර - දෝෂාභියෝගයේ ඇතුලාන්තය
2013 ජනවාරි මස 13 දින, ශ්රි ලංකාවේ 43 වන අගවිනිසුරුවරියවූ ආචාර්ය ෂිරාණි ඒ. බණ්ඩාරනායක, මතභේදකාරි දෝෂාභියෝග ක්රියාවලියක් මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එකී තනතුරෙන් නෙරපා හරිනු ලැබීය. දෝෂාභියෝග සමාප්තියට පූර්වයෙන් ගතවූ දෙමසක කාල වකවානුව, කළහකාරීවූවා පමණක්...