thamuselage pirimi hadaganna ona thamusela

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    Police Officer Scolds Elderly Woman In Jaffna: Police Spokesman Responds (Video, Audio)

    2c7d86e38d39d4cfc847e3a54542928f_L.jpg


    A video clip has been released in social media showing a police officer using ‘strong’ language at an elderly woman in Jaffna during protests against the rape and murder of a 17 year-old schoolgirl.

    The police officer asks the elderly woman, who is among a small group of protesters to leave without creating unnecessary issues.

    The woman replies that she is protesting against the crime for which nine men have been accused.

    “Who’s men are they?” the policeman asks, to which the woman replies “who else, but our men.”

    The officer then replies “thamuselage pirimi hadaaganna ona thamusela” (You should make sure that your men behave). Otherwise, other children can also face the same issue, he adds.

    He also tells the woman that they [police] will take care of the matter and asks her to leave without taking it further.

    When contacted by Asian Mirror, Police Spokesman ASP Ruwan Gunasekara said that the situation was extremely tense and the officer might have acted strongly due to the circumstances. He said that he will not condone or justify such behavior. However, a final decision cannot be taken without finding out what really happened, Gunasekara said.

    When asked if police would investigate the incident if a complaint is filed, Gunasekara said it would.


    see more:-http://asianmirror.lk/news/item/8970-police-officer-scolds-elderly-woman-in-jaffna-police-spokesman-responds-video-audio
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොලිසියේ බහුතරය කොහොමත් එපා කරපු එවුන් තමයි. මිනිස්සුන්ට කොහොමත් බලය ලැබුනම දූෂණය වෙනවා වැඩියි. .

    “...But the hearts of men are easily corrupted... And the ring of power has a will of its own.” - lord of the rings
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    කොච්චර අය මාත් එක්ක එකඟ වෙයි ද දන්නේ නෑ, මට හිතෙන හැටියට පොලිස්කාරයා කියන්න ඕන සුදුසුම දේ කියල තියෙන්නේ.. ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ රාජකාරිය කරන්නේ... පොලිස්කාරයෝ පරීක්ෂනය කරද්දි මොන මගුලකටද උද්ගෝශන කරන්නේ.. හරියට පොලිස් කාරයෙක් අර අහිංසක කෙල්ලව දූෂනය කරා වගේ..

    ඔහොම හැම කේස් එකටම උද්ගෝෂනය කරන්න ගියොත් ඉතින් රට පුරා තව පොලිසි 100ක් 200ක් හදන්න වෙයි.. කට්ටියක් පරීක්ෂන කරන්නයි, කට්ටියක් උද්ගෝශන මෙහෙයවන්නයි..
    කවුරු කවුරු උනත් තමන්ගේ රාජකාරියට බාධා කරද්දි ඔහොම තමා කතා කරන්නේ.. "අනේ සුදු අම්මේ ඔයාලගේ මහත්තයව හරි නරකයි අම්මේ" ගාන්නේ නෑ...


    ඕනවට වඩා කරුමයක් උනොත් කවුරු උනත් ඔහොම තමයි..ඉවසීමෙයි - මෝඩකමෙයි සීමාවක් තියෙනවා.. ඇත්තටම මොන හුයන්නකටද උද්ගෝෂන කරන්නේ..
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    කොච්චර අය මාත් එක්ක එකඟ වෙයි ද දන්නේ නෑ, මට හිතෙන හැටියට පොලිස්කාරයා කියන්න ඕන සුදුසුම දේ කියල තියෙන්නේ.. ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ රාජකාරිය කරන්නේ... පොලිස්කාරයෝ පරීක්ෂනය කරද්දි මොන මගුලකටද උද්ගෝශන කරන්නේ.. හරියට පොලිස් කාරයෙක් අර අහිංසක කෙල්ලව දූෂනය කරා වගේ..

    ඔහොම හැම කේස් එකටම උද්ගෝෂනය කරන්න ගියොත් ඉතින් රට පුරා තව පොලිසි 100ක් 200ක් හදන්න වෙයි.. කට්ටියක් පරීක්ෂන කරන්නයි, කට්ටියක් උද්ගෝශන මෙහෙයවන්නයි..
    කවුරු කවුරු උනත් තමන්ගේ රාජකාරියට බාධා කරද්දි ඔහොම තමා කතා කරන්නේ.. "අනේ සුදු අම්මේ ඔයාලගේ මහත්තයව හරි නරකයි අම්මේ" ගාන්නේ නෑ...


    ඕනවට වඩා කරුමයක් උනොත් කවුරු උනත් ඔහොම තමයි..ඉවසීමෙයි - මෝඩකමෙයි සීමාවක් තියෙනවා.. ඇත්තටම මොන හුයන්නකටද උද්ගෝෂන කරන්නේ..
    මහජනයා විසින් (බයියොන්ට අනුව කොටින්) අල්ලල දුන්න සැකකාරයාව නිදහස් කරලා.පස්සේ ජනතා විරෝධය නිසා වැල්ලවත්තෙන් මිනිහාව ආයෙත් අල්ලගෙන.
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    පුංගුඩුතිව්හි පාසැල් දැරියක් සමූහ දූෂනයට ලක් කර මරා දැමීමත් ඊට එරෙහිව නැගී ආ ජනතා විරෝධය පාදක කරගනිමින් උතුරේ එල්ටීටීඊ බිල්ලෙක් මැවීමට දකුණේ අන්තවාදීන් විසින් ගෙන යන ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බවත් එම අමානුෂික ඝාතනය සහ ඉන්පසුව පොලිසියේ හැසිරීම සම්පූර්ණයෙන්ම දකුණේ අන්තවාදී කුමන්ත්‍රණකරුවන් විසින් සිදුකරන ලද කුමන්ත්‍රණයක්ද යන්නත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙලිදරව් වෙමින් පවතී. මූලික වශයෙන්ම ජනතාව ප්‍රකෝප වූයේ ජනතාව විසින් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් සමූහ දූෂනයේ සහ ඝාතනයේ ප්‍රධාන සැකකරුවා පොලිසිය විසින් නිදහස් කර යැවීමය.

    මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත දැනට හෙලි වී ඇති සත්‍ය තොරතුරු මෙසේය.

    යාපනයේ පුංගුඩුතිවු දූපතේ පිහිටි පාසලේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි ශිවයෝගනාදන් විද්‍යා නැමැති දැරිය ඉතාමත් දුප්පත් පවුලක දැරියකි. ඇයගේ පියා අංශභාග රෝගියෙකි. සොයුරියක් සරසවි අධ්‍යාපනය ලබන්නියක් වන අතර ඇයද සරසවියට යෑමට බලා සිටි දැරියකි. 13 වෙනි බදාදා පාසැල් යන ඇය යලි නිවසට එන්නේ නැත. දෙමාපියන් ඥාතීන් සහ හිතවතුන් ඇයගේ අතුරුදහන්වීම ගැන පොලිසියට පළමු වරට පැමිණිලි කළ විට සම්ප්‍රදායික ලෙසම පොලිසිය පවසන්නේ ‘ඇය කොල්ලෙක් සමග පැනලා යන්න ඇති ටික දිනකින් ගෙදර ඒවි යන නීච පිළිතුරය.

    පුංගුඩුතිව් දූපත වනාහී ශ්‍රී ලංකාව නම් දිවයිනට අයත් නමුත් ඊට ඈතින්ම පිහිටි විශාල දූපතකි. 1990 සිට එය එල්ටීටීඊ පාලනයට නතු වූ අතර එහි සිටි ධනවත් උගත් පුද්ගලයන් දූපත හැරදා ගියහ. 1995 දී යුද හමුදාව විසින් එල්ටීටීඊය පරාජය කර දූපත යලි මුදාගත්තද එහි යලි පදිංචියට පැමිණියේ එය හැරදා ගිය ධනවත් උගත් පුද්ගලයන්ගෙන් ඉතා සුළු පිරිසක් වන අතර සම්පූර්ණයෙන් පැමිණියේ තුනෙන් එකක් පමණ ජනතාවකි. ධනවත් උගත් අයගේ විශාල නිවාස ප්‍රමාණයක් අත්හැර දමන ලද ඒවා සේ තවමත් එහි දිරාවට යමින් පවතී. මේ වන විට එම දූපත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නීති විරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ගේ පාරාදීසයක් වී ඇත. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ ප්‍රධාන තොටුපොලක් වී ඇත. මහාලිංගම් සිවකුමාර් හෙවත් කුමාර් නමැත්තා යනු පුංගුඩුතිව් හි වෙසෙන එවැනි මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ජාවාරම් කරුවෙකි.

    අතුරුදහන් වූ විද්‍යා සිසුවියගේ සිරුර පාසැලට යන අතරමග කැලයක තිබී සොයා ගත්තේ දූපත් වාසීන්ය. පොලිසියේ මැදිහත් වීම අවම වූයේ ඔවුන් දැරිය කොල්ලෙක් සමග පැන යන්නට ඇතැයි යන පූර්ව නිගමනයේ සිටි බැවිනි. දූපත් වාසීන් විසින් සිරුර සොයා ගැනීමෙන් පසු සැකකටයුතු තිදෙනෙක් අත් අඩංගුවට ගත්හ. ඔවුන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව ප්‍රදේශවාසීන්ට හෙලි වූයේ මහාලිංගම් සිවකුමාර් නමැත්තා මෙම සමූහ දූෂනයේ සහ ඝාතනයේ ප්‍රධානියා බවයි. පළමුව දැරිය පැහැරගත් සිවකුමාර් හා තිදෙනා ඇයව දූෂණය කිරීමෙන් පසුව දුරකථන මගින් තවත් 5 දෙනෙකු කැඳවා දැරිය දූෂනය කිරීමය අවස්ථාව සලසා සී තිබේ. ප්‍රදේශවාසීන් මහාලිංගම් සිවකුමාර් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දුන්නේය. අනෙකුත් සැකකරුවන්ද ඇතුළු 9 දෙනෙක් පොලිසිය අත් අඩංගුවට ගත්තේය.

    පෙර කී ලෙස පුංගුඩුතිව් පදිංචිව සිට එය හැරදා ගිය උගත් ධනවත් අයෙක් වූයේ තමිල්මාරන් නමැති නීතිවේදියා ය. ඔහු මේ වනවිට කොළඹ සරසවියේ නීති පීඨයේ පීඨාධිපති වේ. ලබන මැතිවරණයේදී පුංගුඩුතිව් ආසනයට ඡන්දය ඉල්ලීමේ බලාපොරොත්තුවක් තිබූ තමිල්මාරන් මෙම සිද්ධියට මැදිහත් වේ. උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ තමිල්මාරන්ගේ මිතුරෙකි. තමිල්මාරන් ලලිත් ජයසිංහට පවසන්නේ අත් අඩංගුවට ගත් මහාලිංගම් සිවකුමාර් තමන්ගේ ඥාතියෙක් බවත් ඔහු ස්විට්සර්ලන්තයේ පදිංචිව සිට යාපනයට පැමිණි අයෙක් බවත් ඔහු නිර්දෝෂී අයෙක් නිසා නිදහස් කරන ලෙසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහාලිංගම් සිවකුමාර් නිදහස් කරන අතර ඔහු රහසේම කොළඹට පැන ගන්නේය.

    මේ සිදුවීම උතුරේ ජනතාව අතර පැතිර යන්නේ උණු කැවුම් ලෙසය. තමන් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් සමූහ දූෂකයා සහ ඝාතකයා නිදහස් කිරීම ගැන වැසියන්ගේ කෝපය ඉහ වහා යන්නේය. ඒ අතර උතුරේ දී තමිල්මාරන් සහ ලන්ඩන් හි අධ්‍යාපනය ලබමින් සිට නිවාඩුවකට පැමිණ සිටි ඔහුගේ දියණිය මධුර භාෂිණී ඇතුළු පිරිසක් ප්‍රදේශවාසීන් විසින් තමන්ගේ ඇපයට තබා ගන්නා අතර ඔවුන් නිදහස් කිරීමට නම් ඝාතකයා වහා පොලිසියට බාර දෙන ලෙසත් බල කළහ. තමිල්මාරන් සහ දියණිය පැය පහ මාරක් එලෙස ප්‍රකෝප වූ වැසියන්ගේ අත් අඩංගුවේ පසුවන අතර කොළඹදී මහාලිංගම් සිවකුමාර් අත් අඩංගුවට ගත් නමුත් ප්‍රදේශවාසීන් විසින් එය විශ්වාස නොකෙළේය. කෙසේ වෙතත් තමිල්මාරන් පසුව ජනතා අත් අඩංගුවෙන් මුදා හරින්නේ ය. පසුදා පෙළපාලි යන සිය ගණන් ජනයා අධිකරණයට ගල් ගසන්නේ මේ පසුබිම යටතේ ය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වනාහී අංක එකේ රාජපක්ෂවාදී සට්ටැඹියෙකි. කෙතරම් දැයි කිවහොත් රාජපක්ෂලා මීට පෙර රාජපක්ෂලාගේ නීති විරෝධී කාරියන් ඉටු කරවා ගැනීම සඳහා දකුණ බාරව තබා ගන්නේ ලලිත් ජයසිංහවය. මැයි 18, 19 දිනයන් යනු උතුරේ ජනතාව යුද්දයෙන් මිය ගිය වුන් සමරන දිනයන් වන අතර ඒ දිනවල උතුරේ ජනතාවගේ හැඟීම් උත්සන්න වන දින බව දැන දැනම ජනතාව අත් අඩංගුවට ගෙන බාර දෙන සමූහ දූෂකයා සහ ඝාතකයා ලලිත් ජයසිංහ විසින් නිදහස් කර හරින්නේ යටි අරමුණක් ඇතිව ය. එය තමිල්මාරන්ගේ ඉල්ලීම පමණක් නොවේ. එමගින් ප්‍රදේශවාසීන් ප්‍රකෝප කරවීමට ය. ජනතාව මහා පරිමාණයෙන් පෙළපාලි යෑමට සූදානම් වන බව කල් තියා පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබුනද එය වැළැක්වීමට ලලිත් ජයසිංහ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා අතර ජනතාවට ප්‍රකෝප වීමට ඉඩ හැර එය මර්දනය කර ජනතාව අතර තව තවත් කලකිරීමේ තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති සියයකට අධික පිරිසගෙන් අති බහුතරයක් කිසිදු ප්‍රකෝප ක්‍රියාවකට සම්බන්ධයන් නැති අහිංසක පිරිස්ය. ඒ අය අතර මහ මග ගිය පියවරුන් සහ දරුවන් වෙති. තම පුද්ගලික ගමන් බිමන් ගිය අය කප්පරකි. මෙය නැවත උතුරේ ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීමේ තවත් පසුබිමකි. කුමන්ත්‍රණයකි. මෙයද නිර්මාණය කර ඇත්තේ ලලිත් ජයසිංහ විසින්ම ය. උතුරේ කලබලයක් ඇතැයිද එය පිටුපස එල්ටීටීඊය සිටින බවද කොළඹ සිටින රාජපක්ෂවාදීන්ට පවසන්නේ අන් කිසිවෙක් නොව ලලිත් ජයසිංහම ය. සොයා බැලිය යුත්තේ මැයි 18-19 උතුරේ මළවුන් සමරන දින කිට්ටු කරමින් පාසැල් දැරියක දූෂණය කිරීමත් කුමන්ත්‍රණයක කොටසක් ද යන්නයි.

    කෙසේ වෙතත් මේ වන විට උතුර සන්සුන් වුවද වවුනියාව නැගෙනහිර ආදී ප්‍රදේශ වෙත මෙම කතාව ගොස් ඒ ප්‍රදේශ වල ජනතාව කඩ දොර වසා හර්තාල් කරති. අද පොලිස්පති වරයා උතුරට ගිය අතර විද්‍යා දැරියගේ සමූහ දූෂණය සහ ඝාතනය පිලිබඳ පරීක්ෂන සීඅයිඩිය වෙත බාර දුන්නේය. සැකකරුවන් 9 දෙනාම ජුනි 01 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. මුල සිටම ලංකාවේ ජනමාධ්‍ය මගින් සත්‍ය හෙලිදරව් කළා නම් මෙවන් තත්ත්වයක් පැන නගින්නේ නැත. රාජ්‍ය මාධ්‍ය අද ගිලගෙන සිටින සහ ජනාධිපතිවරයා වට කරගෙන සිටින ජාතික හෙළ උරුමයේ ජාතිවාදීන්ට අවශ්‍ය සත්‍ය ජනතාව අතරට ගෙන යෑම හෝ ජනාධිපතිවරයාට සත්‍ය හෙළි කිරීම නොව තම නෛසර්ගික ජාතිවාදය අනුව කටයුතු කර සිංහල ජනතාව අතර පුහු වීරයන් මැවීමට ය.

    අත් අඩංගුවට ගත් දූෂක ඝාතකයා වන මහාලිංගම් සිවකුමාර් නමැත්තා යයි කියන පුද්ගලයෙක් මහින්ද රාජපක්ෂ සහ ඩග්ලස් දේවානන්දා සමග සිටින සේයාරුවක් අන්තර්ජාල මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළද එය අසත්‍යයකි. එහි සිටින්නේ ස්විට්සර්ලන්තයේ වෙසෙන දැඩි එල්ටීටීඊ විරෝධියෙක් වන ස්විස් රන්ජන් නමැත්තා ය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කොච්චර අය මාත් එක්ක එකඟ වෙයි ද දන්නේ නෑ, මට හිතෙන හැටියට පොලිස්කාරයා කියන්න ඕන සුදුසුම දේ කියල තියෙන්නේ.. ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ රාජකාරිය කරන්නේ... පොලිස්කාරයෝ පරීක්ෂනය කරද්දි මොන මගුලකටද උද්ගෝශන කරන්නේ.. හරියට පොලිස් කාරයෙක් අර අහිංසක කෙල්ලව දූෂනය කරා වගේ..

    ඔහොම හැම කේස් එකටම උද්ගෝෂනය කරන්න ගියොත් ඉතින් රට පුරා තව පොලිසි 100ක් 200ක් හදන්න වෙයි.. කට්ටියක් පරීක්ෂන කරන්නයි, කට්ටියක් උද්ගෝශන මෙහෙයවන්නයි..
    කවුරු කවුරු උනත් තමන්ගේ රාජකාරියට බාධා කරද්දි ඔහොම තමා කතා කරන්නේ.. "අනේ සුදු අම්මේ ඔයාලගේ මහත්තයව හරි නරකයි අම්මේ" ගාන්නේ නෑ...


    ඕනවට වඩා කරුමයක් උනොත් කවුරු උනත් ඔහොම තමයි..ඉවසීමෙයි - මෝඩකමෙයි සීමාවක් තියෙනවා.. ඇත්තටම මොන හුයන්නකටද උද්ගෝෂන කරන්නේ..

    උද්ගෝෂණය කරන්නේ මචං සකකාරයාව රට පනින්න නිදහස් කරපු නිසා. එකෙන් තමයි මේ වැලි ක්කොම පටන් ගත්තේ:)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කාලකන්නි පොලිස් කාරයෝ අසරණ මිනිසුන්ට පාට් දාන්නයි
    ලොක්කෝ ගාව දෙකට නමෙන්නයි බල්ලෝ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,245
    7,525
    113
    Kotahena
    තව දින 100ක් ඇතිද පොලිසි වල දුෂණ ඔක්කොම නවත්තල මයිත්‍රී පොලිසියක් බිහි කරලා රටටම මයිත්‍රීය කරුණාව දයාව ගෙන්නන්න අපේ ජනාදිපති තුමාට? සිරිපාල වීරයෙක්! එයාට ඕව සිම්පල්
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    අනේමන්ද බන් මේ පොරත් transfer නේද!? මු අධිකරණයට ගහනකන් බලන් ඉන්දලානේ කලින් රෙඩි වෙලා ඉන්නේ නැතුව! අනේමන්ද ඕකුන් ඔහොමම තමා