PET ස්කෑනර් යන්ත්‍රය
PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහා අරමුදලේ මිලියන 200 ය සම්පුර්ණ වෙයි.....
අපූරුවට දුව පැන ඇවිද්ද තම එකම පුතු හදිස්සියේ රෝගී වීමත් සමඟ M.S මොහොමඩ් කලබල වූයේය.ඔහු දරුවාව වෛද්‍යවරුන් කිහිප දෙනෙකුටම පෙන්නුවේය.පරීක්ෂණ කෙරිණි. ඔහුට දැන ගන්නට ලැබුණේ තම එකම පුතු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවය.රෝගය හඳුනාගෙන පැය විසිහතරක් යෑමට මත්තෙන් ඔහු පුතු ද රැගෙන ඉන්දියාවේ සුඛෝපභෝගී රෝහලකට ගියේය.ඒ සඳහා ඔහුට මඟ කිවේ තවත් වෛද්‍යවරයෙකි.මාස කිහිපයක් ප්‍රතිකාර කළ ද දරුවාට සුව නොවූයේය.අතේ තිබූ සියලුම මුදල් ද ඉවර කරගෙන ඔහු ලංකාවට පැමිණියේ පරාජිතයෙකු ලෙසිනි.මෙරට පෞද්ගලික රෝහලකදී ද දරුවාට ප්‍රතිකාර කරනු ලැබුවේය.ඉන්පසුද ප්‍රතිඵලයක් නොලද විට ඔහු අවසානයේ දරුවාද රැගෙන මහරගම පිළිකා රෝහලට ගියේය.දරුවා රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්නා අතරතුරේ රෝහලේ තත්ත්වය සොයා බැලුවේය.පිළිකා රෝගයට ගොදුරු වීමෙන් මිනිසුන් විඳවන අයුරුත් මිය යන අයුරුත් ඔහුගේ හද කම්පා කළේය.
පිළිකා රෝගය මුලදිම හඳුනා ගන්නට නම් අද දියුණු තාක්ෂණයෙන් නිපදවා ඇති PET ස්කැනර් යන්ත්‍රයක් අවශ්‍යමය.රෝහලේ ඒ යන්ත්‍රයක් නැති කමින් අසරණ රෝගීන් පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලට යන අයුරු ද තවත් අපහසුතා වලට මුහුණ දෙන අයුරු ද දුටු ඔහුට අදහසක් පහළ වූයේය.එනම් මහරගම පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලට ගෙන දීමය. එය තනි පුද්ගලයකුට කළ හැක්කක් නොවූයේය.හේතුව PET ස්කැනර යන්ත්‍රයක මිල කෝටි විස්සක් වීමය. පිළිකා රෝහලේ අධ්‍යක්ෂතුමා, වෛද්‍යවරුන් සමඟ ද කතා කළ ඔහු අවසානයේ මාධ්‍ය ආයතනවලද සහාය ලබාගනිමින් මේ සඳහා අරමුදලක් පිහිටුවා මහජනතාවගේ සහාය ලබාගැනිමට තිරණය කලේය.අවසානයේ අපේ රටේ මිනිසුන්ගේ සංවේදිකම නැවතත් ලෝකයට ප්‍රදර්ශණය කරමින් දින 100 තුලදි එනම් අද PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහා රුපියල් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් එකතුවු බව ඒ සඳහා මුලිකව කටයුතු කල M.S මොහමඩ් මහතා විසින් පිහිටුවාගත් කදිජා පදනම විසින් නිවේදනය කරන ලදි..
මේ සඳහා මැදිහත්වු කදිජා පදනමේ M.S මොහමඩ් මහතා ඇතුළු එම සංවිධානයේ සියලුම දෙනා,මහරගම පිළිකා රෝහලේ සියලුම වෛද්‍යවරුන්,මාධ්‍ය ආයතන විශේෂයෙන් දෙරණ ආයතනය, ලේක්හවුස් ආයතනය හා අරමුදල සඳහා දායකවු සියලුම දෙනා මෙන්ම සැම ආකරයකින්ම සහායවු සියලුම දෙනාට ගෞරවනිය අචාරය මෙලෙස පුදකරමු.. ඔබ සැම ඉටුකලේ සැබැවින්ම මිනිසත්කමට ගෞරවයක් ගෙනදුන් උතුම්වු අමිල ක්‍රියාවකි..මෙම කුඩා වචන පෙලකින් එම උතුම් සේවය ඇගයිමට ලක් කල නොහැකිය
Magragama cancer hospital - Pet scanner machine -200 million donation project organized by M.N. Mohamed 'Kathija foundation today 2.00 pm successfully completed.
various part of donor donated 200 million to Magragama cancer Hospital Bank of Ceylon Account. Accountant informed 200 million success. final donor Rauff Haj Saudi Hotel businessman from Kandy donated 5 million rupees today(13) and handed over draft to Mr. Wilferd Director of Magragama cancer Hospital and Kathija foundation president M.N.Mohamed also participated

http://www.fightcancer.lk/