ආදරය කොහෙද ..? මට හිතෙනවා..
රෑ නින්ද හොරු අරන් දුවනකොට
වෑකන්ද උඩින් සඳ එබෙනවා.
මේ නින්ද මට අයිති නැති කල
රාත්‍රිය මගෙද ..? සඳ අහනවා..
වසන්තය අරන් නුඹ එනකොට
මට පිපී හිනැහෙන්න හිතෙනවා
මල් උයන අනුන් සතු වූ කල
කටු ගසක පැටලුනිද? රිදෙනවා
මේ'කුලක් නිදහසේ හඬනකොට
අපි තෙමුන හැටි මතක මැවෙනවා
අවසාන...