නව භවයකට හේතු වෙන්නේ උපාදානය මිසක් චුති සිත නෙමේ. මේ ජිවිතේ අන්තිම සිත චුති සිත කියලා කියනවා. ඒත් ඒක නව භවයකට හේතුවක් නෙමේ.
මම දන්න දේවල් අනුව මෙහෙමයි පුනර්භවය වෙන්නේ. අවසාන මොහොත ලංවෙනකොට ඊළඟ ජිවිතයට අදාළ කර්මය, කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත සිහි වෙනවා. එතකොට මොහය හා තණ්හාව විසින් නව ජිවිතයට...