අනිත්‍ය සහ කාලය
අපට මේ ලෝකයේ හැමදෙයක් ම කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා පේනවා. නමුත් මේ දේවල් කොච්චර පෙණුනත් අපට හැමතිස්සේ ම හිතෙනවා, මේ ලෝකයේ යම්කිසි පැවැත්මක් තියෙනවා ය කියලා. ඒ විදිහේ හැඟීමක් අපට තියෙනවා. ඒ පැවැත්මක් තියෙනවා කියන හැඟීම පිටිපස්සේ තියෙන්නේ නිත්‍යයි, සැපයි, ආත්මයි කියන අදහස...