ළාබාල යුවතියගේ හදමඬල සටන් බිම වශයෙන් ගෙන සිදු කෙරෙන මේ නූතන යක්ෂ - මිනිස් සටනින් අවසානයේ මිනිස් කොලුවා ජය ලබන්නේ කළු කුමාරයගේ ද ගෞරවය ද ලබමිනි. එහෙත් කළු කුමාරයාට ද වඩා බලවත් සමාජ දේශපාලනික තත්ත්වයන් විසින් නොපමාව වෙන්කරවන ලද යොවුන් ප්රේ්මවන්තයෝ අහිමි ආදරය දලුලා වැඩෙන්නට ඉඩ හරිමින්...