ධම්මපද අට්ඨ කථාවේ එන මේ වාක්‍ය ඛණ්ඩයටත් වඩා, රෝහිණී කථා වස්තුව සිංහලයට නැඟීමෙහිදී කලින් කළ සිදුවූ වෙනස, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුමෙහි පරිණාමය කියන සාධකයක් මෙන් ගත හැකි ය. ධම්මපද අට්ඨ කථාව පස්වැනි ශත වර්ෂයෙහි පමණ ලියුවකි. ‘ධම්පියා අටුවා ගැට පදය’ දහ වැනි ශත වර්ෂය මුල භාගයෙහි (ක්‍රි.ව. 918 හෝ 929...