සමාජවාදය පිළිබඳ සරල විග්‍රහයක්
18 වන සියවස තුළ ලිබරල්වාදයේ ආර්ථික මුහුණුවර ලෙස "නිර්බාධවාදය" යුරෝපය පුරා පැතිරයාමත් සමඟ සමාජය ප්‍රධාන වශයෙන් ධනපති හා නිර්ධන ලෙස කොටස් දෙකකට බෙදුණි. මෙහිදී ධනපතියන් විසින් නිර්ධනයන්ගේ ශ්‍රමය සූරාගෙනකමින් ස්වකීය ප්‍රාග්ධනය වර්ධනය කරගත් අතර නිර්ධනයන් සමාජය තුළ...