එදා අපේ ගැමි සමාජය තුළ පැවති ග්‍රාමීයත්වයේ ආනන්ද ජනක භාවය සහ ගැමි සංකල්පයේ විචිත්‍රතාවය දෙස බලනවිට එය ගම්බද ගෙදරකින් පිසූ ගැටපොළොස් මාලුවක් මෙන් අපේ ගතත් සිතත් පිනවන අයුරු අපට පෙනේ. එදා අපේ ගැමි ගෙදරක පිංකමක් මගුල් ගෙයක් මළ ගෙයක් වැනි අවස්ථාවක ගැමියන් සියළුම දෙමාපියන් වැඩිහිටියන් දූ දරුවන්...