13 කොටස.
රාත්‍රී කාළයේ නිදි නොමැති මා සැලසුම් සකස් කරන්නේ ඇයට හෙට ආදරය ප්‍රකාෂ කිරිමටය. ඇය පුස්තකාලයට එන වේලාව මා දන්නා බැවින් ඇය එන තුරු පුස්තකාලයට නොගොස් මග රැක සිට ඈ හට ආදරය ප්‍රකාෂ කිරීම මාගේ සැලසුමයි. නමුත් එය සිතන තරම් ලේසි පහසු කටයුත්තක් නම් නොවේ. ඇය සමග කථා කරන විට දැන්ද මා වෙව්ලන්නේය...