මේ රූපයේ ආශ්වාදය මොකක් ද?
පින්වත් මහණෙනි, මේ රූපයේ ආශ්වාදය මොකක් ද?
පින්වත් මහණෙනි, සිටු කුමාරියක් හෝ බ්රාරහ්මණ කුමාරියක් හෝ සාමාන්ය, පවුලක කුමාරියක් හෝ ඉන්නවා කියලා හිතන්න. ඇය වයස අවුරුදු පහළොවක දහසයක විතර දැරිවියක්. ඈ ගොඩාක් උසත් නෑ. ගොඩාක් මිටිත් නෑ. ගොඩාක් කෙට්ටුත් නෑ. ගොඩාක් මහතත් නෑ...