මේ අහස මේ වගේ ඝන නිල් සළුවකින් එතී...
සැරසුණු එක් වසන්තයක හමු උනා අපි...
හමු උනා අපි...
ගහ කොලද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී
ඔබයි මමයි ලං කල හැටි සිහිනයක් වැනී
සිහිනයක් වැනී...
ඒ අතීතයේ ඔබ මිමිණූ වදන් යළි යළී
රාව නඟන විට දෙනුවන් බොඳව යයි සැලී
අතීතයේ මතක සුවඳ සුසුම් හා වෙළී
නටඹුන් සෙනෙහසේ නුවර...