පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පෙරටමැ එන්නෝ පෙරමුණ ගන්නෝ
පස්සට යන්නෝ පස්යට යන්නෝ
දැනගෙන දැය දියුණට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ
 
Jan 15, 2009
9,238
368
0
ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසම...

 

nwnbs

Member
හෙට දිනක්... පෙර මගක්...
අරමුණක් නැති ගෙවෙන දිවියේ...
ඉසිඹුවක් ලෙස හෝ...
ගෙවුණු රසබර මතක මතුකර හිනැහියන්...
 

nwnbs

Member
මේ අහස මේ වගේ ඝන නිල් සළුවකින් එතී...
සැරසුණු එක් වසන්තයක හමු උනා අපි...
හමු උනා අපි...
ගහ කොලද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී
ඔබයි මමයි ලං කල හැටි සිහිනයක් වැනී
සිහිනයක් වැනී...

ඒ අතීතයේ ඔබ මිමිණූ වදන් යළි යළී
රාව නඟන විට දෙනුවන් බොඳව යයි සැලී
අතීතයේ මතක සුවඳ සුසුම් හා වෙළී
නටඹුන් සෙනෙහසේ නුවර ගොස් ලැගුම් ගනී

ඒ අහසමයි යළිත් අද නිල් සළුවකින් එතී
වසන්තයක මල් පිපෙනව සුළඟෙ දඟ වෙවී
වසත් සියොත් කැල ගැයුවද ප්‍රේමයේ කවී
අපේ හදේ වස්සානය තවම නිම නැතී


-කරුණාරත්න දිවුල්ගනේ-
 
Jan 15, 2009
9,238
368
0
ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිඳීනා..වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත්වේ...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්‍ර සූර්යයා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ
 
Jan 15, 2009
9,238
368
0
හඬන පන නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳූළු බිඳූවක සිසිල පමණකි
වියලි කතරට හිමිවුණේ...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සීතල සුළඟට අවනත ගහකොල
සිලි සිලි හඬකින් මුමුණයි මුමුණයි
මේ මගේ ඩෝලේ
නුඹයි මගේ ඩෝලේ
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සීතල වැහිපිනි වැටෙන නිශාවේ
    පාලුව තනිකම එක්වන යාමේ
    වියලුනු මගෙ හද කුටියට අවුදින්
    කවුදෝ පවසන්නේ
    මුමුණා කොදුරන්නේ

    මම ඔබට ආදරෙයි මම ඔබට ආදරෙයි
    ඔබ මටද ආදරෙයි ඔබ මටද ආදරෙයි

    ස්වප්න කුමාරිය සුරංගනාවිය
    එලිවූ ලොව ඔබ මට ඉඩකඩ නැත්තේ
    ලතවෙනු තව මොහොතක්
    ලඳුනේ පවසනු තව වදනක්

    මම ඔබට ආදරෙයි මම ඔබට ආදරෙයි
    ඔබ මටද ආදරෙයි ඔබ මටද ආදරෙයි

    හිරු නැග එද්දෙන් සඳ ගොලු වෙද්දෙන්
    ලොව එලි වී තව දිනක් උදා වෙත්දෙන්
    නොඅරිමි දෑස් මගේ
    ඇය මාහා පවසයි ඇගේ සෙනේ

    මම ඔබට ආදරෙයි මම ඔබට ආදරෙයි
    ඔබ මටද ආදරෙයි ඔබ මටද ආදරෙයි


    චන්ද්‍රකුමාර කඳනාරච්චි
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මා දෑස පියා එන්නම්
    ඈත ඈත දේශයේ
    ඔබ හිදිනා දිහාවේ
    සිතින් පියාසලා

    රෑ මනමාලී මල් පිපි රෑ
    ගුවන සිසාරා අහස් නැවක හඩ ඇසේ
    මට සිතුනා...
    නොකියාම ඔබ එන්නෙදෝ

    රෑ දවසක් දා සිහින රටේ
    හිම වරුසාවේ
    පුලුන් සුදේ තෙමි තෙමී
    අපි උන්නා
    හරියාද සුදු සිහිනයේ



    නන්දා මාලනී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ අහස මේ වගේ ඝන නිල් සළුවකින් එතී...
    සැරසුණු එක් වසන්තයක හමු උනා අපි...
    හමු උනා අපි...
    ගහ කොලද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී
    ඔබයි මමයි ලං කල හැටි සිහිනයක් වැනී
    සිහිනයක් වැනී...
    ලස්සන සිංදුවක් :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ
    සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ
    මේ අදුරින් මිදීලා ඉගිලී යනු කුරුල්ලෝ
    සතුට පතා හිතා මතා කියමි ගොතා නියම කතා
    හොදම කතා විනෝදයට
    මේන් අසා ගන්නකෝ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දෙනෙතේ ආයාචනා සුළඟේ සුන්වී ගියා
    දෙනෙතේ ආයාචනා සුළඟේ සුන්වී ගියා
    ඒ මල් පැතුම්... ආලේ වදන්
    මේ මාවතේ රාත්‍රියේ රැව් නැගේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    චන්ද්‍රමණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මංද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලයින් කාමරේ
    මංද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සෝ ගීතෙ සවනේ යාවී
    මා ලෝකේ තනිවූ සේ මට හැඟුණා
    ඈ මා හා පෙරදා මැවූ
    ඒ මායා මීදුම් සේ දුර ඇදුණා...
     
    Status
    Not open for further replies.