වස්සාන සෘතුව පුරා
පෙම් හැඟුම් හිත අවුලුවා
අපූරුම නිමැයුමක් ලෙස ඔබ
ප්‍රේමයට මගෙ ළංවුණා
මටත් නොදැනි ම අකීකරු සිත
ඔබේ ළඟ කීකරු වුණා
ඉඩෝරය මඟ නැවතිලා
අනෝරා වැහි ඇතිවුණා
අහඹු නුඹ වෙනුවෙන් ම හද තුළ
අලුත් පිටුවක් පෙරලුනා
මටත් නොදැනි ම අකීකරු සිත
ඔබේ ළඟ කීකරු වුණා
ලසෝ ලතැවිලි නිමවෙලා
කිලිටි හිත...