කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැඟුම් ගත් බමරුන් රොනට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා
ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ මට හමු වෙනවා
සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා
මා තනිවූ විටදි පමණි එ මල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර...