යෞවන වයසේ පිපුන මලකි ඔබ
ඔඔරුන් මත්වන සුවද අගේ
කෙලෙසක මා ඔබවෙත පියමනින්නද
අත්තටු තව නෑනේ...
ඔච්චම් කරමින් යහළු යෙහෙළියන්
සුවද විදින විට ඔබේ වතේ
බලා මගේ දෙස හිනැහුනොතින් වර
කල්පයකුත් මට හිතේ රැදේ...
ඔබ දෙස බලනා පැයක් උනත් මට
කල්පයකට මුසු සුළු වන්නේ
කිව්වේ නැතිමුත් ආදරේ කියලා
ඔබ මට අවැසි වෙලා...