ගෙවුන නිසාවේ අදුර මකා
ජීවිතයේ පිණි කදුලැලි පිසදා
ලා හිරැ වී නළළ සිඹින්නේ
අමා සුවය දෙන ආදරයයි
තුසිත ලොවින් බසිනා
අමා සුවය දෙන ආදරයයි
බොල් වැලි කැට දෝතින් ගන්නා
මායා ලොකය සිදී බිදුන දා
මිණි කැටයක් වී නෙත් සනසන්නේ
අමා සුවය දෙන ආදරයයි
තුසිත ලොවින් බසිනා
අමා සුවය දෙන ආදරයයි
ගිම්හානේ නිල් අහස හඩා...